මරණ දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාව සහ ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන මහතාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැලිකඩ ...
මරණ දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාව සහ ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන මහතාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය නොතීසි නිකුත් කර තිබේ.
ඒ මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ නිපුන රාමනායක සිසුවා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද (05) කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය හමුවේ කැදවූ අවස්ථාවේදීය.
විනිසුරුවරිය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ මෙම මස 19 වැනිදා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
නිපුන රාමනායක සිසුවා පැහැරගෙන ගොස් පහරදී තිබුණේ 2009 වසරේ අගෝස්තු මාසයේදී වන අතර මෙම සිද්ධියට අදාලව මොවුන් දෙදෙනා ඇතුළු 08 දෙනෙකුට චෝදනා එල්ල වී තිබුණි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුත්‍රයා මෙම නඩුව සඳහා අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙලෙස නොතිසී නිකුත් කර ඇත.
බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු 06 දෙනෙකුට කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මරණ දඩුවම නියම කළේ පසුගිය වසරේ නොවැම්බර් මස 27 වැනිදායි.
මේ අතර කොළඹ අපරාධ කොට්ඨාශයට ද අධිකරණයේ පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරුවරිය නොතීසි නිකුත් කළ අතර ඊට හේතුවූයේ ඔවුන් අද දිනයේ මෙම නඩුවට පෙනී නොසිටීමයි.
COMMENTS