දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෝටිපතියා පැහැරගැනීමේ සුලමුල හෙළිවෙයි
Homeප්‍රවෘත්ති

කෝටිපතියා පැහැරගැනීමේ සුලමුල හෙළිවෙයි

PropellerAds

 රුපියල් කෝටි 2ක කප්පමක් ඉල්ලා බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් මහතා පැහැරගැනීම සැලසුම් කර ඇත්තේ ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ...

TNA තරුණ සමුළුව රැස්වෙයි - ජනාධිපතිට දැඩි දෝෂාරෝපණයක්
"නව අගමැති පත් වී පසුදින ගණදෙවි කෝවිල අසල හදිසියේම බුදු පිළිමයක් තැන්පත් කරලා" - පී. රවිහරන්
"රට රකින ජන මහිමය" අද කොළඹට
කෝටිපතියා පැහැරගැනීමේ සුලමුල හෙළිවෙයි

 රුපියල් කෝටි 2ක කප්පමක් ඉල්ලා බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් මහතා පැහැරගැනීම සැලසුම් කර ඇත්තේ ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ මූල්‍ය කටයුතු බාරව සිටි පුද්ගලයා බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට අද (02) පැවති මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඒ පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙත ඉදිරිපත් කළේය.

ෆාකිර් අස්ලම් මොහොමඩ් නැමැති මෙම පුද්ගලයා වසර 8ක් තිස්සේ අදාළ ව්‍යාපාරිකයා ළඟ සේවය කර ඇති බවත් ඔහුගේ සුවච කීකරුකම නිසා මෙම ව්‍යාපාරිකයා විසින් එහි මුදල් කටයුතු එම සේවකයාට පවරා ඇති බවත් මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

තම ස්වාමියාගේ ව්‍යාපාරය සතුව විශාල මුදලක් ගැවසෙන බව හොඳින්ම හඳුනා ගැනීමෙන් පසු ඔහු මෙම සැලසුම සකස් කර ඇති බවත්, ඒ අනූව කප්පම ගැනීම ඔහු විසින් සැලසුම් කර ඇති බවත්, ඊට සම්බන්ධ සැකකරුවන් 8 දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහු එහිදී කියා සිටියේය.

පසුගියදා ඇතිවූ ගංවතුර අවස්ථාවේදී මෙම සැකකරුගේ නිවස හානි වී ඇති බවත්, එම අවස්ථාවේදී එය යළි සාදා ගැනීමට ව්‍යාපාරිකයා විසින් රුපියල් ලක්ෂ 5ක්ද ව්‍යාපාරිකයාගේ බිරිඳ විසින් තවත් රුපියල් 50,000ක්ද මෙම සේවකයා වෙත ලබාදී ඇති බවත් අජිත් රෝහණ මහතා තවදුරටත්ම පැවසීය.

ව්‍යාපාරිකයා පැහැරගැනීමේ සැලසුම මාස එකහමාරක සිට සැලසුම් කර ඇති අතර පැහැර‍ගැනීමට යොදාගත් වාහනය ද ඊට දින දෙකකට පෙර රුපියල් 43,000ක් ගෙවා කුලියට ලබාගත් එකක් බවත්, අනාවරණය වී ඇත.

එම මුදල ගෙවා ඇත්තේ පැහැර ගැනීමට සම්බන්ධ වූ පුද්ගලයෙකුගේ බිරිඳකගේ රන් ආභරණ උකස් තැබීමෙන් බවත්, වාහනය තුළදී ව්‍යාපාරිකයාගේ හිසට මොට ආයුධයකින් සිදුකළ පහරදීමක් නිසා එම අවස්ථාවේදීම මියගොස් ඇති බවත්, පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පැහැරගත් පුද්ගලයින්ගේ අරමුණ රුපියල් කෝටි දෙකේ කප්පම ගැනීම වුවත් හිසට එල්ල කළ පහරින් ව්‍යාපාරිකයා මියැදෙයි ඔවුන් කිසිසේත් නොසිතා ඇතැයි සඳහන්ය.

ව්‍යාපාරිකයා පැහැරගත් දිනට පසුදින මෙම සේවකයා ව්‍යාපාරික ස්ථානයට පැමිණ ඇති බවත්, එසේ පැමිණ ඇත්තේ විදේශගතව සිටි එම ව්‍යාපාරිකයාගේ පියා දිවයිනට පැමිණි පසුදාම සිය පුතා නිදහස් කර ගැනීමට අදාළ මුදල ලබාදෙනු ඇතැයි විශ්වාසයෙන් බවද පොලීසිය අනාවරණය කරගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් 8 දෙනාගෙන් 6 දෙනෙකුම මුස්ලිම් ජාතිකයින් බවද මෙම සිද්ධිය පිටුපස ජාතිවාදී ගැටළුවක් නැති බවද එම මාධ්‍ය හමුවේදී අජිත් රෝහණ මහතා කියා සිටියේය.

පොලිසියට විවිධ චෝදනා එල්ල වෙද්දී මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ඉතා කෙටි කලක් තුළ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වූ බවද ඒ මහතා පෙන්වාදුන්නේය.

මේ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෝටිපතියා පැහැරගැනීමේ සුලමුල හෙළිවෙයි
කෝටිපතියා පැහැරගැනීමේ සුලමුල හෙළිවෙයි
http://ift.tt/2bJvI1K
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy