දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම දේශපාලන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ තරුණ සමළුව ඊයේ (04) වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී පැවත්...
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම දේශපාලන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ තරුණ සමළුව ඊයේ (04) වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී පැවත්විණි.
ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධීරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම තරුණ සමළුව වෙනුවෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන එම්.ඒ. සුමන්තිරන්, චාල්ස් නිර්මලනාදන් , එස්.ශ්‍රීධරන් , ශිවමෝහන්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය ඇතුලු පලාත්සභාවේ හිටපු මැති ඇමති වරුන් මෙන්ම උතුරු පලාතේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ තරුණයින් රැසක් සහභාගී වී සිටියහ.
මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අදහස් දක්වමින් කියා සිටියේ,
‘‘වත්මන් ජනාධිපති මෛතීපාල සිරිසේන මහතා බලයට පත් වෙලා ඉන්නේ අපේ පක්ෂයේ අපේ ජනතාවගේ ඡන්දය නිසා එදා අපි ලගට ඇවිත් ඉල්ලා සිටියේ මහින්දව පරාජය කරන්න තමන්ට බලය ලබා ගැනීමට දෙමළ ජනාතවගේ සහය ලබා දෙන්න එසේ නොවන්නේ නම් තමන්ට අඩි 6 ක් පොළව යටට යන්න වෙනවා කියපු කෙනා අද අඩි 6ක් පොළව යටට යවන්න හදපු කෙනා එක්ක එකතු වෙලා මේක විශාල රැවටීමක්.
පසුගියදා අපි නායකයින් රජයේ නායකයින් කිහිප දෙනෙකු හමු වුනා ඒකට අපේ ජනතාව කලබල වෙන්න හොඳ නැහැ ඇයි අරයා හම්බවෙන්නේ ඇයි මෙයා හම්බ වෙන්නේ කියලා අපි ඔක්කකොම හම්බ වෙනවා නමුත් අපි අරන් තියෙන තීරණය එලෙසමයි වෙනසක් වෙන්නේ නැහැ ජනතාවගේ තීරණය තමයි අපි ගන්නේ
‘‘ පසුගියදා නාමල් රාජපක්ෂ සමාජජාලා වෙබ් අඩවියක සටහන් කරල තිබුනා දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න පියවර ගන්නවා කියලා එයා එහෙම කිව්වහම අපි වෙනස් වෙයිද පුලුවන්නම් නිදහස් කරල පෙන්නන්න මේ අද කරල පෙන්නන්න නීති ගැන කතා නොකර .
එමෙන්ම නව අගමැති වරයා පත් වූ ආකාරය ව්‍යවස්ථා විරෝධියි නව අගමැති වරයෙක් පත් වූ සැනින් සියලුම රටවල නායකයින් සුභ පැතුම් නිවේදන නිකුත් කලද වතමන් අගමැති වරයා පත් කිරීම ව්‍යවස්ථා විරෝධී නිසාවෙන් කිසිදු රටක් සුභපැතීම් සිදු නොකොට ව්‍යස්ථාවට අනුව කටයුතු කරන ලෙසටත් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කරන ලෙසටත් රජයට බල කර සිටින බවටද ඉලංගෙයි තමිල් අරුස කච්චි පක්ෂ නායකයින් තරුණ සමළුවේදී වැඩි දුරටත් පැවසූහ.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS