දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රභාකරන් මැරුවේ රවිප්‍රියගෙ අය - සරත් ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
Homeගොසිප්

ප්‍රභාකරන් මැරුවේ රවිප්‍රියගෙ අය - සරත් ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්

PropellerAds

ප්‍රභාකරන් මැරුවේ රවිප්‍රියගෙ අය සරත් ෆොන්සේකාගෙන් හෙළිදරව්වක් පසුගියදා ප්‍රකාශයට පත්වූ ‘රණමග ඔස්සේ නන්දිකඩාල්‘ කෘතියේදී විශ්‍රාමික මේජ...

බිරිය යනතුරු සිට දුවට අතවර කළ නීති පීඨයේ කථිකාචාර්යවරයා රිමාන්ඩ්
ගංවතුර මැද තිස්සමහාරාමයේ මැණික් ඉල්ලමක් පෑදිලා ආපදා ප්‍රශ්න - ආධාර අමතක කර විශාල පිරිස් මැණික් හොයන්න ඇවිත්
යූ ටියුබ් වලින් සල්ලි හොයන අය මාව මැරුවා - ශිහාන් මිහිරංග

ප්‍රභාකරන් මැරුවේ රවිප්‍රියගෙ අය
සරත් ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්

පසුගියදා ප්‍රකාශයට පත්වූ ‘රණමග ඔස්සේ නන්දිකඩාල්‘ කෘතියේදී විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ලියා තිබුණ ආකාරයට ප්‍රභාකරන්ගේ ඝාතනය ඔහුගේ සේනාංකයක් මගින් සිදු කරන ලද බව දක්වා විස්තර කර තිබුණි.
නමුත් පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා පවසා තිබුනේ ප්‍රභාකරන් ඝාතනය සිදු කළේ ඔහුගේ සෘජු මෙහෙයවීම මත 8 වැනි කාර්ය සාධක බළකායේ සේනාංකාධිපති කර්නල් ජී.වී. රවිප්‍රිය බවයි.
ඒ ගැන මින් පෙර කළ විමසීමකදී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පසුගිය 18 වනදා ලක්බිම පුවත්පතේ සංකච්ඡාවකදී පවසා ඇත්තේ කර්නල් ජී.වී. රවිප්‍රියගේ පිරිස එය කළ බව ඇත්තක් වුවත්
ඔහු සිටියේ තමා යටතේ බවයි.
ඒ අනුව යුද ජයග්‍රහණයේ පියවරු අතර පහළම පුරුක ගැන අලුත් සංවාදයක් නිර්මාණය වී තිබේ.
ලංකාදීප පුවත්පතට ෆීග්ඉ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙසේ කියා ඇත.

‘කමල් ගුණරත්න කියන්නේ යුද්ධයේදී ක්‍රියාත්මක වුණ සේනාංක 15 කින් විතර එතැනට අණදුන්න කෙනෙක්. මුල ඉදල එයාගෙ සේනාංකය ස්ථානගත කරල තිබුනෙ මුහමාලෙ ආරක්ෂක වළල්ලෙ.මමයි ඒක ප්‍රහාරක මෙහෙයුම් වලට ඉදිරියට ගත්තෙ.එයාට විරුද්ධව විනය ප්‍රශ්නයක් තිබුණා.ඒක තාවකාලිකව අමතක කරල තමයි එයාට මං සේනාංකයක් භාර දුන්නෙ.


එයාට දුන්න සේනාංකය ජනවාරි ඉදල මාර්තු වෙනකං මෙහෙයවුවා.ඊට පස්සෙ ඒකෙ බලසේනා තුනෙන් දෙකක් ගලවලා අරගෙන කර්නල් රවිප්‍රිය යටතේ කාර්ය සාධක බලකායක් හැදුවා.ඒ කාර්ය සාධක බලකාය තමයි ප්‍රභාකරන්ට පහරදීමට ක්‍රියාත්මක වුනේ.ඒක කලෙත් මගෙ උපදෙස් මත මිසක් ඔය පොත ලියපු කෙනාට ඕන විදිහට නෙමෙයි.
ප්‍රභාකරන්ගෙ පිරිසට පහරදීලා ප්‍රභාකරන්ගෙ මළමිනිය සොයාගැනීම ඇතුළු සියල්ල සම්බන්ධීකරණය කරල අණදීම කලේ කර්නල් රව්ප්‍රියගෙ කාර්ය සාධක බලකා අට.
ඔය පොතේ හමුදාපති පාච්චල් කරන්න උත්සාහ අරගෙන තියෙනවා.ඒක එලිදක්වපු වෙලාවෙ ආරාදිතයො විදිහට ඇවිත් ඉදපු අයගෙන් අපට හිතාගන්න පුළුවන් කාගෙද සැලසුමකාගෙ අවශ්‍යතාවයද මේ ඉටුවුනේ කියලා‘

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පසුගිය 18 වනදා ලක්බිම පුවත්පතේ සංකච්ඡාවකදී මෙසේ කියා ඇත.



වන්නි මෙහෙයුමට සම්බන්ධ සේනාංක, බළසේනා, කාර්ය සාධක බළකා හා රෙජිමේන්තු රැසක් තිබුණා. ඒ අතරින් ප්‍රභාකරන් ඝාතනය කළ 4 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුව අයත් වූයේ ලුතිනන් කර්නල් ලලන්ත ගමගේ අණදුන් 681 වැනි බළසේනාවටයි. එය අයත් වූයේ කර්නල් ජී.වී. රවිප්‍රිය අණදුන් 8 වැනි කාර්ය සාධක බළකායටයි. එසේ නම් ප්‍රභාකරන් මැරුවේ ඔබ අණ දුන් 53 වැනි සේනාංකය කියලා කියන්නේ කොහොමද?

මෙතැනදී බොහෝ දෙනෙක් පටලවා ගත්තු කාරණාවක් තිබෙනවා. අනෙකුත් කාර්ය සාධක බළකා වගේ නොවේ 8 වැනි කාර්ය සාධක බළකාය. ස්වාධීන ඒකකයක් ලෙස තිබුණේ නෑ. මුලතිව් ප්‍රහාරයෙන් පසු ඉතිරි වූ රෙජිමේන්තු එකතු කරලා තමයි 8 වැනි කාර්ය සාධක බළකාය ස්ථාපිත කළේ. එහි සේනාංකාධිපති ලෙස කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් ජී.වී. රවිප්‍රියත් 681 බළසේනාධිපතිවරයා ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ලලන්ත ගමගේ හා 682 බළසේනාධිපති ලෙස සිංහ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් සුභාෂණ වැලිකල පත්කරන ලෙස මා යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලුවා. ඔහු ඊට එකඟතාව පළ කළා. 8 වැනි කාර්ය සාධක බළකාය තිබුණේ 53 වැනි සේනාංකය යටතේ මිසක් ස්වාධීන සේනාංකයක් ලෙස නොවේ. ඊටත් අණ දුන්නේ මමයි.සේනාංකයක් ලෙස නොවේ. ඊටත් අණ දුන්නේ මමයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රභාකරන් මැරුවේ රවිප්‍රියගෙ අය - සරත් ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
ප්‍රභාකරන් මැරුවේ රවිප්‍රියගෙ අය - සරත් ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
http://ift.tt/2dfIjes
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_489.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_489.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy