ඡන්ද නාමලේඛන අභියාචනා කටයුතු වෙනුවෙන් අද (28) මධ්‍යම රාත්‍රී 12.00 වනතුරු මැතිවරණ මහලේකම් කාර්යාලය විවෘතව තබන බව එම කාර්යාලය නිවේදනය කරයි....
ඡන්ද නාමලේඛන අභියාචනා කටයුතු වෙනුවෙන් අද (28) මධ්‍යම රාත්‍රී 12.00 වනතුරු මැතිවරණ මහලේකම් කාර්යාලය විවෘතව තබන බව එම කාර්යාලය නිවේදනය කරයි.
ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධනයේ කටයුතුවල ප්‍රදර්ශන අවධිය අදින් අවසන් වීමට නියමිත අතර නම නොමැති පුද්ගලයින් අද දිනය තුළ කෙසේ හෝ ඊට නම ඇතුළත් කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමිසම එම නිවේදනය මගින් දැනුම් දෙයි.
2016 ඡන්ද හිමි නාමලේඛනයට තම නම ඇතුළත් වී ඇත්ද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා ග්‍රාමනිලධාරී කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අදාළ නාමලේඛන ප්‍රදර්ශනය කර ඇති බව ද එම කොමිසම සඳහන් කරයි.
මීට අමතරව http://ift.tt/2cALTeS යන වෙබ් අඩවියට පිවිසීමෙන් තම නම මෙවර ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර තිබේ ද යන්න පිළිබඳ සොයා ගැනීමේ හැකියාව ලබාදී තිබේ.
එසේ තම නම අදාළ නාමලේඛනයේ නොමැති නම් අද දිනය තුළ මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත පැමිණ අවශ්‍ය තොරතුරු ලබා දී නාමලේඛනයට නම ඇතුළත් කරගැනීමට කටයුතු කරන ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලය ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
COMMENTS