තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ තිබී පුද්ගල මළ සිරුරක් සහ තුවාල ලබා සිටි පුද්ගලයෙකු සොයා ගෙන තිබේ. ධීවර වරායේ නවතා තිබූ බෝට්ටුවක තිබී අදාළ ...
තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ තිබී පුද්ගල මළ සිරුරක් සහ තුවාල ලබා සිටි පුද්ගලයෙකු සොයා ගෙන තිබේ.
ධීවර වරායේ නවතා තිබූ බෝට්ටුවක තිබී අදාළ මළ සිරුර සොයා ගත් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.
තුවාල ලබා සිටින පුද්ගලයා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය තංගල්ල, නාකුළුගම රෝහලේ තබා ඇති බව සඳහන්ය.
දික්වැල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS