රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදියකු සමග බහින්බස් වීමේ සිද්ධිය ගැන සොයා බලා අගමැතිවරයාගේ අවදානය යොමු කිරීමට කටයුතු කරන බව එක්...
රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදියකු සමග බහින්බස් වීමේ සිද්ධිය ගැන සොයා බලා අගමැතිවරයාගේ අවදානය යොමු කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසූවේය.
ඔහු මේ බව සඳහන් කළේ අද (28) සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
සිය නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා වීඩියෝ කැමරාවකට පහරදීම හා මාධ්‍යවේදියකු සමග බහින්බස් වීම පිළිබඳව මාධ්‍යවේදීන් රහුමාන් මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ඒ පිළිබඳ සොයා බලා අගමැතිවරයාගේ අවදානය යොමු කිරීමට කටයුතු කරන බවත් එය වත්මන් ආණ්ඩුවේ වගකීමක් බවත් ය.
පසුගිය ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් බිඳ දමන විට එක්සත් ජාතික පක්ෂය විපක්ෂය ලෙස ලිප්ටන් වටරවුමේ දී එවකට පැවැති ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණය කළ බවත් මාධ්‍යවේදීන් වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසීය.
COMMENTS