ප්‍ර බල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මාකදුරේ මධූෂ් කළුතර ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධිය ඇතුළු අපරාධ කිහිපයක් ඩුබායි සිට මෙහෙ...
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මාකදුරේ මධූෂ් කළුතර ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධිය ඇතුළු අපරාධ කිහිපයක් ඩුබායි සිට මෙහෙයවූ බව මේ වනවිට අනාවරණ වී ඇති බව පොලිසිය සදහන් කරයි. ඒ වගේම , පිලියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට වෙඩි තැබිම , කොස් මල්ලී ඝාතනය මෙන්ම, මහරගම කෝටි 700 දියමන්ති කොල්ලය ද මාකදුරේ මධූෂ් ඩුබායි සිට මෙහෙය වූ බවට ද අනාවරණ වී තිබේ.
ඉකුත් පෙබරවාරි 5 වැනිදා ඩුබායිහි සංවිධාන කළ සාදයක් අතරතුර මාකඳුරේ මධූෂ් ඇතුලු 31 දෙනෙකු එරටදී අත්අඩංගුවට ගැනුණි.
මාස තුනකට ආසන්න කාලයක් සිරගත කර සිටි ප්‍රබල අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි සිට පිටුවහල් කිරිමෙන් පසු මෙරටට පැමිණියේය.

COMMENTS