බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහා කොළඹ 07 ප්‍රදේශයෙන් නිල නිවසක් ලබාදෙන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඉල්ලීමක්...
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහා කොළඹ 07 ප්‍රදේශයෙන් නිල නිවසක් ලබාදෙන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඉල්ලීමක් කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අයත්ව තිබූ කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි නිල නිවස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ කාර්යාලයේ ඉඩකඩ පහසුකම් පුළුල් කිරීම සඳහා එම කොමිසමට පවරාදීම මීට හේතු වී ඇත.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මේ වනවිට එම නිල නිවස වෙනුවට කොළඹ 04, බම්බලපිටිය ලොරිස් පටුමගේ පිහිටි මැති ඇමතිවරුන් පදිංචිව සිටින නිවාස සංකීරණයක තෙවැනි මහලේ නිවසක් බන්ධනාගාර නිල නිවස සඳහා තාවකාලිකව වෙන්කර දී ඇති බවයි.
මෙයට වසර 40කට පමණ පෙර එවකට හිටපු බන්ධනාගාර කොමසාරිස් ජේ. පී. දෙල්ගොඩ මහතාගේ යෝජනාවකට අනුව සිරකරුවන් විසින් මලලසේකර මාවතේ පිහිටි නිල නිවස ඉදිකර ඇතැයි වාර්තා වේ.
COMMENTS