ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර ඒකාබද්ධ විපක්ෂය පිහිටුවන නව පක්ෂයට ලංකා සමසමාජ පක්ෂයේ පූර්ණ සහය ලබාදෙන බව එම පක්ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය...
ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර ඒකාබද්ධ විපක්ෂය පිහිටුවන නව පක්ෂයට ලංකා සමසමාජ පක්ෂයේ පූර්ණ සහය ලබාදෙන බව එම පක්ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය තිස්ස විතාරණ මහතා පවසයි.
නව පක්ෂය පිහිටුවීම ස්ථීර බවත් එය ඉදිරි වැඩපිළිවෙල ප්‍රකාශයට පත් කළ වහාම තම පක්ෂය ඊට එක්වන බවද හෙතෙම සඳහන් කළේය.
බණ්ඩාරනායක මහතාගේ නියම ප්‍රතිපත්තියක් හා ශ්‍රීලනිප - මහජන එක්සත් පෙරමුණ එක්ව සමගි පෙරමුණු ආණ්ඩු කිහිපයක්ම පිහිටුවීමට හැකිවූ බව අමතක නොකළ යුතු බවත් තිස්ස විතාරණ මහතා පැවසී ය.
ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පක්ෂයේ ප්‍රතිපත්තීන් ඉදිරියට ගෙන යන බවද ඔවුන් හා එක්ව ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවීමට තම පක්ෂයේ එකම අරමුණ බවද ඔහු කියා සිටියේය.
COMMENTS