ගාල්ල ඇතුළු දකුණු පළාතේ ප‍්‍රදේශ කිහිපයක අද (27) අලුයම සුළු භූචලනයක් ඇතිවුවද ඉන් කිසිදු හානියක් වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථ...
ගාල්ල ඇතුළු දකුණු පළාතේ ප‍්‍රදේශ කිහිපයක අද (27) අලුයම සුළු භූචලනයක් ඇතිවුවද ඉන් කිසිදු හානියක් වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.
අද අලුයම 5.30ට පමණ එම සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වූ බවත් ඉන් කිසිදු ආපදාවක් ඇති වීමේ අවදානමක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් එම භූ කම්පනයෙන් කිසිදු පුද්ගලයෙකුට හෝ දේපලකට හානියක් සිදු වී නොමැත.
මේ අතර භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශය සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේ අද(27) උදෑසන සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වී ඇති බවයි.
මෙම භූ චලනය ගාල්ල, හික්කඩුව, රත්ගම, කලේගාන, බද්දෙගම, නුගදුව, බූස්ස ඇතුලු ප්‍රදේශ කිහිපයකට දැනී ඇත.
COMMENTS