හැටන් මුලස්ථාන පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක දයාල් ඩිගහවතුර මහතා ඇතුලූ පොලිස් නිළධාරින් පිරිසක් තමන්ට අමානුෂික ලෙස පහරදුන්නේ යැයි ප...
හැටන් මුලස්ථාන පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක දයාල් ඩිගහවතුර මහතා ඇතුලූ පොලිස් නිළධාරින් පිරිසක් තමන්ට අමානුෂික ලෙස පහරදුන්නේ යැයි පවසමින් හැටන් ප‍්‍රදේශයේ කරණවැමියෙකු වන තිස්හතර හැවිරදි කදිරේෂන් රවිචන්ද්‍රන් නැමැති සිවිදරු පියෙකු දික්ඔය මුලික රෝහලට ඇතුලත් වී තිබේ.
හැටන් මුලස්ථාන පොලිස් පරික්‍ෂකවරයාගේ කොණ්ඩය කැපිමට පොලිසියට පැමිණෙන ලෙස හැටන් පොලිසියේ නිළධාරින් පිරිසක් කල ඉල්ලීමකට අනුව නියමිත වේලාවට පොලිසියට යාමට නොහැකි වු අවස්ථාවේ හැටන් පොලිසියේ නිළධාරින් කණ්ඩායමක් තම සැලූනයට පැමිණ තමන්ව ජිප් රථයකින් නංවා ගෙන ගොස් මුලස්ථාන පොලිස් පරික්‍ෂකවරයා ඇතුලූ පොලිස් නිළධාරින් පස්දෙනෙකු තමන්ට බැන වදිමින් අමානුෂික ලෙස පහරදුන් බව කදිරේෂන් රවිචන්ද්‍රන් පැවසීය.
තමා රෝහල් ගතවිමෙන් පසු තමන් වෙත පැමිණී හැටන් පොලිසියේ උසස් නිළධාරින් පිරිසක් තමන්ට මුදල් ලබා දෙන බවත් මෙම සිද්ධිය සමතයට පත්කර ගන්නා ලෙසත්, තමන්ට දිගින් දිගටම බලපෑම් සිදුකළ බව කදිරෙෂන් රවිචන්ද්‍රන් සඳහන් කළේය.
තමන්ගේ සැලූනයේ පෙරේදා (23) පස්වරුවේ පාරිභෝගිකයන් රැසක් සිටි නිසා තමන්ට නියමිත වේලාවට මුලස්ථාන පොලිසියට යෑමට නොහැකි වු බවත් මෙම පහර දිම නිසා තමන්ගේ කොන්ද ප‍්‍රදේශය දැඩි වේදනාවකින් යුක්ත බවද කදිරේෂන් රවිචන්ද්‍රන් කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් කරුණු විමසිමට හැටන් මුලස්ථාන පොලිස් පරික්‍ෂකවරයා සම්බන්ධ කර ගැනිමට කිහිපඅවස්ථාවකදිම උත්සහ කළද එය සාර්ථක වූයේ නැත.
හැටන් - රංජිත් රාජපක්‍ෂ
COMMENTS