එට්කා ගිවිසුමට අදාළ කටයුතු කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවස...
එට්කා ගිවිසුමට අදාළ කටයුතු කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.
දිවයිනට පැමිණි ඉන්දීය වාණිජ කටයුතු ඇමතිනි නිර්මලා සීතාරාමන් සමඟ පැවැති සාකච්ඡාවකින් පසු ඊයේ(27) කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ඒ අනූව සියලූ පාර්ශවයන් සමඟ සාකච්ඡා කර එය අත්සන් කරන බවද කඩිනමින් ගිවිසුම අත්සන් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කලේය.
ශ්‍රී ලංකාව සමග අත්සන් කෙරෙන එට්කා ගිවිසුම අගය කරන බවත් කාලසීමාවන් හි බාධාවක්, පීඩාවක් නැතිව හැම කරුණක් ගැනම දෙපාර්ශවයම එකඟතාවයකට ආ යුතු බවත් ඉන්දීය වාණිජ කටයුතු ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය එහිදී පැවසුවාය.
COMMENTS