අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක් අතරතුර පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ වාහනයකට පහරදී අලාභ හානි සිදුකිරීමේ සිද්ධිය සම්...
අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක් අතරතුර පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ වාහනයකට පහරදී අලාභ හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 07දෙනා ඇප මත මුදාහැරීමට වත්තල මහේස්ත්‍රාත් පූර්ණිමා ගමගේ මහත්මිය අද(06) නියෝග කළේය.
ඒ අනුව එක් අයෙකුට රුපියල් 2500 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදාහැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.
වත්තල, ඔලියමුල්ල ප්‍රදේශයේ දී ජෝන් අමරතුංග අමාත්‍යවරයා සහභාගී වූ උත්සවයක් අතරතුරදී පුද්ගලයින් පිරිසක් විසින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී චන්දන ජානක සූරියබණ්ඩාර මහතාගේ නිල රථයට ගල්මුල්වලින් පහරදී තිබුණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් හත් දෙනා අද(06) හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කර ඇත.
එහිදී පළාත් සභා මන්ත්‍රී ජානක සූරියබණ්ඩාර මහතා විසින් සැකකරුවන් හඳුනානොගැනීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරිය ඔවුන්ට ඇප නියම කර තිබේ.
COMMENTS