නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේදී රජයේ නිලධාරීන් විෂමාචාර සිදුකර ඇති බව සඳහන් කරමින් අද (29) දූෂණ විරෝධී පෙරමුණ අල්ලස් හෝ දූෂණ ...
නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේදී රජයේ නිලධාරීන් විෂමාචාර සිදුකර ඇති බව සඳහන් කරමින් අද (29) දූෂණ විරෝධී පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් භාර දුන්නේය.
මෙම අවස්ථාවට දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන්, එහි ලේකම් සහ අධ්‍යක්ෂ ජේ.ඒ වික්‍රමසිංහ සහ අකලංක හෙට්ටිආරච්චි යන මහත්වරු එක්ව සිටියහ.
ගල් අඟුරු වංචාවට අදාල සියලු සාක්ෂි සහ සාධක ඇතුළත් කොට මෙම පැමිණිල්ල භාර දුන් බවත් රජයේ නිලධාරීන් 1954 අංක 11 දරණ අල්ලස් පනත හා 1994 අංක 19 දරණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත උල්ලංඝනය කරමින් ගල් අඟුරු මිලදී ගැනීමේදී විෂමාචාර සිදුකර ඇති බවත් මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.
ගල් අඟුරු මිලදී ගැනීමට මුවාවී මෙම රජයේ නිලධාරීන් බරපතල ලෙස මහජන මුදල් ගසාකමින් සිටින බවද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.
COMMENTS