දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කිලිනොච්චියේ මාරාන්තික උපවාසය අවසන්
Homeප්‍රවෘත්ති

කිලිනොච්චියේ මාරාන්තික උපවාසය අවසන්

PropellerAds

දින 05 ක් පුරාවට කිළිනොච්චියේ පරෙවිපන්ජාන් පළාතේ වැසියන් පිරිසක් තමන්ට අහිමි වූ ඉඩම් ආපසු ලබාදෙන ලෙස ඉල්ලමින් පවත්වාගෙන ගිය මාරාන්තික උපවා...

ඒකාබද්ධයේ කොන්දේසිවලට ශ්‍රීලනිප පිළිතුරු නුදුරේදී
ව්‍යවස්ථා මණ්ඩලය පස්වන දිනටත් රැස්වේ
අයවැයට පෙර ආණ්ඩුවෙන් අද සහන පැකේජයක්.
කිලිනොච්චියේ මාරාන්තික උපවාසය අවසන්

දින 05 ක් පුරාවට කිළිනොච්චියේ පරෙවිපන්ජාන් පළාතේ වැසියන් පිරිසක් තමන්ට අහිමි වූ ඉඩම් ආපසු ලබාදෙන ලෙස ඉල්ලමින් පවත්වාගෙන ගිය මාරාන්තික උපවාසය ඊයේ (11) අවසන් කළහ.

ඒ , ඊයේ වනිතා කටයුතු පිළිබද රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් මහත්මිය උපවාසකරුවන් හමු වී කළ සාකච්ඡාවකින් පසුවයි.

අමාත්‍යවරිය එහිදී ඉදිරි මාස තුන ඇතුළතදී ඔවුන්ට අයත් ඉඩම් ආපසු ලබාදෙන බවට පොරොන්දු වීමත් සමඟ ඔවුන් උපවාසය අත්හළේය.

මෙම උපවාසය දියත් කොට තිබුණේ උතුරේ ආරක්ෂක අංශ විසින් කිළිනොච්චියේ පවුල් 45 කට පමණ අයත් ඉඩම් අක්කර 140 ක් පමණ අත්පත් කරගෙන සිටින බවට චෝදනා කරමිනි.

එම ස්ථානයට පැමිණි විජයකලා මහේස්වරන් රාජ්‍ය අමාත්‍යවරිය කියාසිටියේ තමන් කිළිනොච්චියේ යුද හමුදා බලධාරීන් සමග සාකච්ඡා කිරීමට පෙර මෙම ඉඩම් ප්‍රශ්නය ගැන ජනාධිපතිවරයා සමග කතා කළ බවයි.

අදාළ ඉඩම් රජයට අයිති නොමැති නිසා ඒවායෙහි අයිතිකරුවන්ට කඩිනමින් ලබාදීමටත්, යුද හමුදාවට රජයේ වෙනත් ඉඩමක් ලබාදීමටත් පියවර ගන්නා බවටත් ජනාධිපතිවරයා තමන්ට උපදෙස් ලබාදුන් බව අමාත්‍යවරිය එහිදී පැවසීය.

ඒ අනුව තමන් කිළිනොච්චියේ යුද හමුදා බලධාරීන් සමග සාකච්ඡා කළ අවස්ථාවේදී රජයෙන් ලැබෙන ඉඩමට මාස දෙකක් ඇතුළත යාමට හමුදා බලධාරීන් පොරොන්දු වූ බවද අමාත්‍යවරිය සදහන් කළාය.

ඉඩම් නොමැති උතුරේ වැසියන්ට ඉඩම් ලබාදීමේ වැඩ පිළිවෙළක් රජය විසින් අරඹා ඇති බවත් උතුරේ වැසියන්ගෙන් අත්පත් කරගෙන ඇති සියලුම ඉඩම් ආපසු ලබාදෙන දවස පැහැදිලි වශයෙන් ප්‍රකාශ කිරීමට හැකියාවක් නැතත් වත්මන් රජයට ඉතිරි වී ඇති ඉදිරි වර්ෂ හතර ඇතුළතදී එම ඉඩම් සියල්ලම ආපසු ලබාදෙන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කිලිනොච්චියේ මාරාන්තික උපවාසය අවසන්
කිලිනොච්චියේ මාරාන්තික උපවාසය අවසන්
http://ift.tt/2cl1YIc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_113.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_113.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy