කාසල්රී ජලාශයට ප්‍රධානවම ජලය සපයන කෙසෙල්ගමු ඔයේ ජල මූලාශ්‍රය වන මහඑළිය රක්ෂිතයේ විශාල පරිසර හානියක් සිදුකරමින් අනවසරයෙන් මැණික් ගැරූ පුද්ග...
කාසල්රී ජලාශයට ප්‍රධානවම ජලය සපයන කෙසෙල්ගමු ඔයේ ජල මූලාශ්‍රය වන මහඑළිය රක්ෂිතයේ විශාල පරිසර හානියක් සිදුකරමින් අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයින් 04 දෙනෙකු බගවන්තලාව පොලීසිය විසින් ඊයේ (28) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් මැණික් ගැරීම සඳහා උපයෝගී කරගත් උපකරණ රැසක් ද අත්අඩංගුවට ගෙන ඇත.
බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් වන මොවුන් අද (29) හැටන්, මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර හැටන් ප්‍රදේශයේ පෝඩයිස් වතුයායේ වැසිකිලි වලක් කපන මුවාවෙන් අනවසරයෙන් මැණික් ගරමින් සිටි තවත් පුද්ගලයින් 04 දෙනෙකු ද හැටන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් ද අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS