වර්තමාන ආණ්ඩුව තුළ එක්සත් ජාතික පාක්ෂිකයන්ට යම් යම් ප්‍රශ්න ඇති බවත් නොයෙක් අතපසුවීම් සිදුවන බවත් තමන් පිළිගන්නා බව ජාත්‍යන්තර වෙළෙඳ රාජ්...
වර්තමාන ආණ්ඩුව තුළ එක්සත් ජාතික පාක්ෂිකයන්ට යම් යම් ප්‍රශ්න ඇති බවත් නොයෙක් අතපසුවීම් සිදුවන බවත් තමන් පිළිගන්නා බව ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) සෙත්සිරිපාය රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සමිති සම්මේලනයට අනුබද්ධ ජාතික පොදු සේවක සංගමයේ රැස්වීමකට සහභාගීවෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ පාක්ෂිකයින්ට පමණක් නොව වසර 14ක් වැනි කාලයක සිට පක්ෂයේ සිටින තමාට ද නොයෙක් ප්‍රශ්න පවතින බවය.
පසුගියදා තමන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට එක්වූ අවස්ථාවක තමා සමඟ සහභාගිවී තමාට දෙපැත්තෙන් වාඩිවුණු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනාම මැතිවරණයෙන් පරාජයට පත්වූවන් බව සිහිපත් කළ අමාත්‍යවරයා තමා කොළඹ දිස්ත්‍රික්කයෙන් දෙවන ස්ථානයට වැඩිම මනාප ලබාගත් නමුත් හිමිවූයේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් පමණක් බව කියා සිටියේය.
නමුත් පොදු අරමුණක් වෙනුවෙන් පැවති හොර හවුල් පාලනය තවදුරටත් විනාශකර දැමීමට තමන් සුළු සුළු ගැටළු ගැන නොතකා දිගින් දිගටම කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
වීඩියෝව පහතින්.
COMMENTS