දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද පිලේ අයට තනතුරු අහිමි වෙයි - ශ්‍රීලනිපයේ නව සංවිධායකවරු මෙන්න (VIDEO)
Homeප්‍රවෘත්ති

මහින්ද පිලේ අයට තනතුරු අහිමි වෙයි - ශ්‍රීලනිපයේ නව සංවිධායකවරු මෙන්න (VIDEO)

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරු 16දෙනෙකු හා දිස්ත්‍රික් සංවිධායකවරු 24 දෙනෙකු අද(17) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ප...

මහින්දානන්දට සංගක්කාරගෙන් ප‍්‍රහාරයක් !
‘එයා සිරිසේන.. මෙයා නන්දසේන.. සේනල දෙන්නම එකයි’- හිරුණිකා
මහින්දානන්දට සංගක්කාරගෙන් ප‍්‍රහාරයක් !
මහින්ද පිලේ අයට තනතුරු අහිමි වෙයි - ශ්‍රීලනිපයේ නව සංවිධායකවරු මෙන්න (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරු 16දෙනෙකු හා දිස්ත්‍රික් සංවිධායකවරු 24 දෙනෙකු අද(17) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ.

ඒ අනුව ගාමිණි ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, සී.බී රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, උදිත් ලොකු බණ්ඩාර ඇතුළු පිරිසක් ශ්‍රීලනිප සංවිධායක තනතුරුවලින් ඉවත් කර ආසන ගණනාවක් සඳහා නව ආසන සංවිධායකවරුන් 40 දෙනෙකු ජනාධිපතිවරයා විසින් පත්කිරීමට පියවරගෙන තිබේ.

ඔවුන් අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.

නව ආසන සංවිධායකවරුන් 16 දෙනෙකු සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් 24 දෙනෙකු මෙලෙස ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි භාරගෙන තිබේ.

ඒ අනුව මෙතෙක් ආසන සංවිධායක ධුරයන් දැරූ 13 දෙනෙකුට එම ධුරයන් අහිමි වී තිබේ.

කැස්බෑව ආසනයේ සම සංවිධායක ධුරය දැරූ ගාමිණි ලොකුගේ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති අතර එහි සම සංවිධායක ධුරය දැරු චන්දන කත්‍රිආරච්චි මහතා එම ආසනයේ ප්‍රධාන සංවිධායක ධුරයට පත් කර ඇත.

මීරිගම ආසනයේ සම සංවිධායක ධුරය දැරූ කෝකිලා ගුණවර්ධන මහත්මිය එම ධුරයෙන් ඉවත් කර ඇති අතර එහි සම සංවිධායක ධුරය දැරූ සංජය සිරිවර්ධන මහතා ප්‍රධාන සංවිධායක ධුරයට පත් කර තිබේ.

මීගමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරය දැරූ සරත් කුමාර ගුණරත්න මහතා ඉවත් කර ඩබ්ලිව්.ඩි.ලලිත් ටෙන්සිල් මහතාට එම ආසන සංවිධායක ධුරය පිරිනමා ඇති බව වාර්තා වේ.

දිවුලපිටිය ආසනයේ සම සංවිධායක ධුරය දැරූ උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය ඉන් ඉවත් කර ඇති අතර එහි සම සංවිධායක ධුරය දැරූ චන්දන ජයකොඩි මහතා ප්‍රධාන සංවිධායක ධුරයට පත් කර තිබේ.

කළුතර ආසනයේ සම සංවිධායක ධුරය දැරූ රෝහිත අබේගුණවර්ධන මහතා ඉවත් කර එහි සම සංවිධායක ධුරය දැරූ සුමිත් ලාල් මෙන්ඩිස් මහතා ප්‍රධාන සංවිධායක ධුරයට පත් කර ඇත.

බේරුවල පුරප්පාඩු වී පවතින සංවිධායක ධුරය සඳහා එම්.එච්.එම්.අම්ජාඩ් මහතා පත් කර ඇත.

වැලිගම නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරය දැරූ මහින්ද යාපා අබේවර්ධන මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති අතර ඒ සඳහා හේමාල් ගුණසේකර මහතා පත් කර තිබේ.
 
බෙලිඅත්ත ආසනයේ පුරප්පාඩුව පවතින ආසන සංවිධායක ධුරය සඳහා එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පත් කර  ඇති බව සඳහන්ය.

කුණ්ඩසාලේ ආසන සංවිධායක ධුරය දැරූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉන් ඉවත් කර ඇති අතර සුනිල් කිත්සිරි අමරතුංග මහතා එම ධුරය සඳහා පත් කර තිබේ.

වලපනේ ආසන සංවිධායක ධුරය දැරු සී.බි.රත්නායක මහතා ඉන් ඉවත් කර ජගත් කුමාර සමරහේවා මහතා පත් කර ඇති අතර ඇහැලියගොඩ ආසන සංවිධායක ධුරය දැරූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉන් ඉවත් කර සරත් සන්දනායක මහතා පත් කර ඇත.

කෑගල්ල නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරය දැරූ ජගත් බාලසූරිය මහතා ඉන් ඉවත් කර ආනන්ද මිල්ලගොඩ මහතා එම ධුරය සඳහා පත් කර ඇති අතර ඌව පරණගම ආසන සංවිධායක ධුරය දැරූ ඒ.එම්.බුද්ධදාස මහතා ඉන් ඉවත් කර ඩී.එම්.පී.ඒ.දසනායක මහතා පත් කර තිබේ.

හපුතලේ සම ආසන සංවිධායකවරයාව සිටි උදිත් ලොකුබණ්ඩාර මහතා ඉන් ඉවත් කර එම ආසනයේ සම සංවිධායක ධුරය දැරූ සුමිත් සමයදාස මහතා ප්‍රධාන සංවිධායක ධුරයට පත් කර ඇත.

එලෙස පත්වීම් ලැබූ ආසන සංවිධායකවරුන්ගේ සම්පූර්ණ ලැයිස්තුව පහතින්,

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද පිලේ අයට තනතුරු අහිමි වෙයි - ශ්‍රීලනිපයේ නව සංවිධායකවරු මෙන්න (VIDEO)
මහින්ද පිලේ අයට තනතුරු අහිමි වෙයි - ශ්‍රීලනිපයේ නව සංවිධායකවරු මෙන්න (VIDEO)
http://ift.tt/2beYSox
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/video_44.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/video_44.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy