රතු අලි පැටව් හා නිල විපක්ෂයට හැකිනම් ආණ්ඩුවට එරෙහිව ජනසටන පා ගමනේ අඩකට සමාන විරෝධතා පා ගමනක් සංවිධානය කර පෙන්වන්නැයි තමා අභියෝග කරන බව පා...
රතු අලි පැටව් හා නිල විපක්ෂයට හැකිනම් ආණ්ඩුවට එරෙහිව ජනසටන පා ගමනේ අඩකට සමාන විරෝධතා පා ගමනක් සංවිධානය කර පෙන්වන්නැයි තමා අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
රාජ්‍ය මාධ්‍ය පසුගිය කාලයේ ඒකපාර්ශ්වික ලෙස කටයුතු කළ බවට රතු අලි පැටියා චෝදනා කළ බවද, දැන් එවැන්නක් සිදුවනවා ඔහුට පෙනෙන්නේ නැතිද? මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.
කූජිත පොලිස්පතිගේ හා රතු අලි පැටියාගේ කොළ පාට යටඇඳුම ගැලවුණ බව ද මන්ත්‍රීවරයා පැවසී ය.
ජනසටන පාද යාත්‍රාවට කොළඹට මහ ජනගඟක් පැමිණි බවත් ඕන මෝඩයෙකුට එය තේරෙන බවත් ලක්ෂ්මන් කිරිඇල්ලට එය පෙනුනේ නැති නම් කණ්ණාඩියක් දාගෙන බලන්නැයි ඉල්ලා සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
ශ්‍රීලනිප ක්‍රියාකාරීන් මෙවරත් විනය පොල්ල දමා මර්දනය කිරීමට උත්සාහ කළ බවත් එජාපයටවත් මෙතරම් සෙනඟක් කොළඹට ගෙනඒමට නොහැකි වූ බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.
COMMENTS