ත්‍රස්තවාදී ක්‍රියා කරන පුද්ගලයින්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉඩක් නොමැති බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. අම...
ත්‍රස්තවාදී ක්‍රියා කරන පුද්ගලයින්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉඩක් නොමැති බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුව අමතමිනි.
ත්‍රස්තවාදී ක්‍රියා සිදු කර පක්ෂයේ මතවාදය දිනාගැනීමට නොහැකි බවත් පක්ෂයේ සිටින්නේ තාවකාලික භාරකරුවන් බවත් ඔවුන් අයිතිකරුවන් ලෙස ක්‍රියා කිරීම පක්ෂයට සුදුසු නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පක්ෂයේ නායකයා විවේචනය කිරීම සහ අගෞරව කිරීම බරපතළ වරදක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වන සංවත්තර උත්සවයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු පාර්ශව එක් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසි ය.
එම වීඩියොව පහතින් නරඹන්න
COMMENTS