යුද්ධය පැවති කාලයට වඩා දැන් ජන ජීවිතය අනාරක්ෂිත බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ ඊයේ පැවති මාධ්‍ය හ...
යුද්ධය පැවති කාලයට වඩා දැන් ජන ජීවිතය අනාරක්ෂිත බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“මහ ජනතාවගේ මතය තමයි LTTE ත්‍රස්තවාදී යුද්ධය තිබුණ කාලයට වඩා අද සාමාන්‍ය ජන ජීවිතය අනාරක්ෂිතයි. රජය ඉතාම උදාසීන ප්‍රතිපත්තියක් පාතාලය සම්බන්ධයෙන් අනුගමනය කරනවා. මේ සතිය ඇතුළත පමණක් මිනීමැරුම් වාර්තා වෙනවා 15ක්. ඒ කාලයේ මේ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධව සහ වෙනත් ක්‍රියාකාරකම් සම්බන්ධව ආපු බුද්ධි අංශය මේ ආණ්ඩුව ආපු ගමන් හිරේ දැම්මා. ඒ හින්දා බුද්ධි අංශයට කරපු අසාධාරණයේ එක ප්‍රතිඵලයක් බවට පත් වෙන්නත් පුළුවන් පාතාල ක්‍රියාකාරකම් දෛනිකව වැඩි වීම. අපිට තියෙන ප්‍රශ්නේ ප්‍රභූ ආරක්ෂාව සඳහා භාවිත කරන ගිණි අවියක් මේ ආකාරයට පාතාලය ළඟ තියලා හසු වෙද්දී, ඒකට හදිසියේ කලබල වුණේ මංගල සමරවීර ඇමතිතුමා. එතුමා තමයි කලබල වෙලා නිවේදන නිකුත් කලේ. ඒ හින්දා වහාම පරීක්ෂණයක් කරලා රටට සත්‍යය හෙළි කරන්න කොහොමද ප්‍රභූ ආරක්ෂාව සඳහා තිබිච්ච නවීන පන්නයේ ගිනි අවියක් පාතාලයේ ක්‍රියාකාරකම්වලට යෙදුණේ කියලා.”
COMMENTS