දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“රට චීනයට උගස් තියපු ආකාරය ගැන සෙවීමට වහාම ජනාධිපති කොමිසමක් පත් කරන්න“ - NMWJ
Homeප්‍රවෘත්ති

“රට චීනයට උගස් තියපු ආකාරය ගැන සෙවීමට වහාම ජනාධිපති කොමිසමක් පත් කරන්න“ - NMWJ

PropellerAds

රාජපක්ෂලා හොරු කියලා මේ ආණ්ඩුව කියනවානම් ආණ්ඩුවට හොරු එක්ක ඩීල් එකක් නෑ ඩීල් එක තියෙන්නේ රටේ ජනතාව එක්ක කියලා ආණ්ඩුව කියනවානම් මේ රට චීනයට...

මහින්ද නීති ගැටයක.. ශ‍්‍රීලනිප සාමාජිකත්වය අතනාරී.. පොහොට්ටු නායක්තවය ගනී
අප‍්‍රසාදයට පත් නායකත්වය වෙනස් විය යුතුයි.. පක්ෂ නායක්තවයට සුදුස්සා සජිත් - හරීන්
මාරවිල රොහලේ නොසැලකිල්ලෙන් උදරයේ සැත්කමට පැමිණි මවගේ අතක් කපා දාලා !
“රට චීනයට උගස් තියපු ආකාරය ගැන සෙවීමට වහාම ජනාධිපති කොමිසමක් පත් කරන්න“ - NMWJ

රාජපක්ෂලා හොරු කියලා මේ ආණ්ඩුව කියනවානම් ආණ්ඩුවට හොරු එක්ක ඩීල් එකක් නෑ ඩීල් එක තියෙන්නේ රටේ ජනතාව එක්ක කියලා ආණ්ඩුව කියනවානම් මේ රට චීනයට උගස් තියපු ආකාරය ගැන සෙවීම සදහා වහාම ජනාධිපති කොමිසමක් පත් කිරිමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංග ද අල්විස් මහතා පවසයි.

වෙබ් අඩවි ඇතුලු මුද්‍රිත, විද්යුත් නාලිකා හරහා අනාවරණය කරන දුෂණ වංචා සම්බන්ධයෙන් පරික්ෂණය කිරිම පසෙකලා එම තොරතුරු අනාවරණය කල මාධ්‍යවේදීන් පසුපස හබා යෑම පාලක පක්ෂයේ සාමාන්‍ය සිරිත වි ඇති බව චතුරංග ද අල්විස් මහතා ප්‍රකාශ කළේය.

2015 පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් වියදම් කිරිම පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් (The New York Times) පුවත්පත කල අනාවරණය පිළිබඳව වහාම පරික්ෂණයක් ඉල්ලා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය (NMWJ) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට(FCID)පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කර සිටියේය.

එහිදී චතුරංග ද අල්විස් මහතා මෙසේද සඳහන් කළේය.

“2015 පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ වියදම් සඳහා චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් වියදම් කිරිම සම්බන්ධයෙන් ගවේෂණාත්මක අනාවරණයක් නිව්යෝර්ක් ටයිම්ස් පුවතේපතේ දකුණූ ආසියානු වාර්තාකාරිනී Maria Abi-Habib කරලා තියෙනවා. මේක නිකන්ම නිකන් සල්ලි ගැනිල්ලක් නොවේ. රටවල් දෙකක් අතර සිදුවන ගණුදෙනුවක් ඇගේ අමාරුවට සල්ලි දෙන රටවල් නෑ ඉතාම පැහැදිලිව මොන ආණ්ඩුවක් හරි වෙනත් රටකින් සල්ලි ගන්නවා නම්, ඩීල් කරනවා නම් ඒ පිටුපස භයානක කුමන්ත්‍රණයක් තියෙන බව අපි අමුතුවෙන් කියන්න ඕනේ නෑ.

“ඒ වගේම ඇයගේ අනාවරණයේදි ඇය විසින් මෙම අදාළ මුදල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු සදහා ලබාදිම සදහා භාවිතා කර ඇත්තේ හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ "HPDP Phase 2" නම් වූ චීනයේ වරාය පාලනය කරන ගිණුමක් හරහා බවත් ඇය විසින් අනාවරණය කරල තියෙනවා."

"එහෙනම් දැන් මොකක්ද ප්‍රශ්ණය වහාම පරික්ෂණයක් කරන්න. ජනාධිපති කොමිසමක් පත් කරන්න, රට පාවාදිලා ඡන්ද කරපු අය අල්ලන්න මෙන්ම නියම වෙලාව ආණ්ඩුවට රාජපක්ෂල එක්ක ඩිල් එකක් නෑ කියලා පෙන්නන්න. ඒ නිසා අපි කියනවා තැන තැන කෙකර ගගා ඉන්න එපා වහාම පරික්ෂණ ආරම්භ කරන්න ඒ විතරක් නොවේ රාජපක්ෂලාත් දැන් එලියට ඇවිල්ලා කියන්න ඇත්ත මොකක්ද කියලා. ඔය පන්සලකට දෙකකට ගිහින් උනත් කියන්න පුලුවන්නේ අපේ ගත්තේ නෑ හමුදුරුවනේ අපිට දුන්නා විතරයි කියලා. ඔන්න මහින්ද මහත්තයා කැමතිනම් අර නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවේ තියෙන ඇමරිකානු ඩොලර් 38,000 ක මුදලක් අරන් නිවන් යන්න හදපු හමුදුරුවන්ගේ පන්සලට ම ගිහින් කියන්නත් පුලුවන්. ඒ නිසා මහින්ද මහත්තයා ඔලුවට වෙඩි තිය ගන්න ඕනෙ නෑ අර සාස්තර කාරයෝ වගේ එන්න ජනතාව ඉදිරියට ඇවිල්ලා ඇත්ත කියන්න. එහෙම උනොත් ජනතාව සලකා බලයි.

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට(FCID) කල පැමිණිල්ල පහතින්,

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක,
මූල්‍ය අපරාධ විමර්ශන අංශය,
අංක 356 බී,
කොළඹ 03.
22.06.2018

අධ්‍යක්ෂකතුමණි,

2015 පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ වියදම් සඳහා චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් වියදම් කිරිම සම්බන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත් පත විසින් කරන ලද අනාවරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස කරන ලබන ඉල්ලිමයි.

හම්බන්තොට වරාය ඉදිකිරිම් කටයුතු කල චයිනා හාබර් සමාගම (China Harbour Engineering Company) 2015 ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යපාරය වෙනුවෙන් අවස්ථා කිහිපයකදි ඩොලර් මිලියන 7.6 ක මුදලක් ලබාදි ඇති බව පසුගිය 25 වැනිදා නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත් පතේ දකුණූ ආසියානු වාර්තාකාරිනී Maria Abi-Habib කල ගවේෂණාත්මක අනාවරණයේ සදහන් වුණා. ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකර රටට ඇත්ත අනාවරණය කරන ලෙස අපි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස මූල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් ඉල්ලා සිටිමු.

අදාළ සමාගමේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවෙහි (Standard Chartered)ගිණුමෙන් ඩොලර් මිලියන 7.6 ක මුදලක් මහින්ද රාජපක්ෂගේ සම්පූර්ණ මැතිවරණ ව්‍යාපාරය සදහා ලබාදි ඇති අතරම එම බැංකු ගිණුමේ ගිණුම් වාර්තා ලේඛනය විස්තර අනුව එහි සත්‍යතාව තහවුරු කර ගැනිමට හැකියාව ලැබි තිබෙන බව ඇය විසින් තම වාර්තාවේ සදහන් කර තිබේ.

අදාළ මුදල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු සදහා ලබාදිම සදහා භාවිතා කර ඇත්තේ හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ "HPDP Phase 2" නම් වූ චීනයේ වරාය පාලනය කරන ගිණුමක් හරහා බවත් ඇය විසින් අනාවරණය කර සිටි.

ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර දින 10කට පෙර ඩොලර් මිලියන 3.7 ක චෙක්පත් රාජපක්ෂ මහතාගේ සමිපතමයන්ට බෙදා දිමට කටයුතු කර ඇති බවත් ඊට අමතරව බෞද්ධ භික්ෂුවකට ඩොලර් 38,000 ක මුදලක් ගෙවා ඇති බවත් එම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ. මෙයට අමතරව මිලියන 1.7 ක චෙක්පත් ස්වේච්ඡා සේවකයන් හට බෙදා දිම සදහා අරලියගහ මන්දිරයට භාර දිමටද කටයුතු කර ඇති බවත් එම අනාවරණයේ සදහන් වේ.

පසුගිය කාලය පුරාවම පුවත්පත් මෙන්ම වෙබ් අඩවි ඇතුලු මාධ්‍ය හරහා අනාවරණය කරන ලද රටේ සිදුවන දුෂණ, කොල්ලකෑම්, වංචා මෙන්ම ඝාතනයන් සම්බන්ධයෙන් නිසි පරික්ෂණයක් සිදු නොවු බව අප සියලුම දෙනා පිළිගත යුතු සත්‍යයකි. රට හමුවේ අනාවරණය වන දුෂිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සොයා ඒවාට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනිම වෙනුවට අදාළ දුෂණ,වංචා මෙන්ම ඝාතනයන් අනාවරණය කල මාධ්‍යවේදීන්ට සිය ජිවිත වලින් පවා වන්දි ගෙවන්නට පසුගිය කාලයේ සිදුවිය. ඒ හේතුවෙන් එම පරීක්ෂණ ලෙසටම මේ සම්බන්ධයෙන් ද කටයුතු නොකොට නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත් පත කර ඇති මේ අනාවරණය සම්බන්ධයෙන් වහාම විධිමත් පරික්ෂණයක් සිදුකරන ලෙසත් ඒ හරහා එම වාර්තාව අනාවරණය කර ඇති තොරතුරු සත්‍යද? නැතිනම් අසත්‍යද? යන්න රටට හෙලිදරව් කරන ලෙසත් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටිමු.

ස්තුතියි,

මෙයට,
විශ්වාසි,
චතුරංග ද අල්විස්,
සභාපති,
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “රට චීනයට උගස් තියපු ආකාරය ගැන සෙවීමට වහාම ජනාධිපති කොමිසමක් පත් කරන්න“ - NMWJ
“රට චීනයට උගස් තියපු ආකාරය ගැන සෙවීමට වහාම ජනාධිපති කොමිසමක් පත් කරන්න“ - NMWJ
http://am.lk/media/k2/items/cache/a58fedabdc92bb743bc1d0992b39e5fb_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/nmwj.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/nmwj.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy