පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් වැරදි එන්නතක් ලබාදීම හේතුවෙන් සංකූලතා ඇතිවූ මාස 06ක් වයසැති බිළිඳියක් ඊයේ (10) කළුබෝවිල ශික්ෂණ...
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් වැරදි එන්නතක් ලබාදීම හේතුවෙන් සංකූලතා ඇතිවූ මාස 06ක් වයසැති බිළිඳියක් ඊයේ (10) කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
පිළියන්දල, සුවාරපොල ප්‍රදේශයේ පදිංචි මෙම බිළිඳියට පසුගිය සඳුදා දින වයස මාස 06දී ලබාදීමට නියමිත එන්නත සහ මාස 04දී ලබාදෙන එන්නත ලබාදුන් බව ඇගේ මව කියාසිටී.
ඇය වැඩිදුරටත් කියාසිටියේ නියමිත එන්නත පිළිබඳව තමන් පවුල් සෞඛ්‍ය සේවිකාව දැනුවත් කළද ඇය එය පිළි නොගත් බවයි.
කෙසේ වෙතත් අදාළ බිළිඳියගේ පියා මේ පිළිබඳව පිළියන්දල පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර ඒ අනුව පොලිස් නිලධාරීන් ද පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඡායාරූප පහතින්.
COMMENTS