අම්පාර, සමන්තුරේ ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (04) රාත්‍රියේදී තම බිරිඳ ගිනි තබා ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කරන පරිදි පවුල් ආරවුලක් දුරදිග ...
අම්පාර, සමන්තුරේ ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (04) රාත්‍රියේදී තම බිරිඳ ගිනි තබා ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කරන පරිදි පවුල් ආරවුලක් දුරදිග යෑම මෙම ඝාතනයට හේතුවී ඇත.
31 හැවිරිදි තම බිරිඳ මෙලෙස ඝාතනය කර ඇත්තේ 30 හැවිරිදි සමන්තුරේ ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
මොවුන් විවාහ වී තවමත් ගතවී ඇත්තේ මාස 04ක් පමණක් වන අතර බීමත් සැමියා සහ බිරිඳ අතර දිගින් දිගටම ආරවුල් පැවති බව ද සඳහන් වේ.
එසේවුවද සැකකරු මෙම ඝාතනය සිදුකළ දිනයේ බීමත්ව නොසිටි බව වාර්තා වේ.
මියගිය බිරිඳගේ දෙමව්පියන් ද එදින නිවසේ සිට ඇති නමුත් ඔවුන්ට සිද්ධිය පිළිබඳ කිසිවක් නොදැනුණු බව ඔවුන් පවසයි.
නිවසින් පිටත ගිනි ගොඩක් ගසා අදාළ කාන්තාව පුළුස්සන්නට ඇති බවට විශ්වාස කරන අතර සිද්ධිය පිළිබඳව මේ වනවිට පරීක්ෂණ සිදුකරයි.
ඡායාරූප පහතින්.
අම්පාර - වසන්ත චන්ද්‍රපාල
COMMENTS