වවුනියාව සිට කොළඹ දක්වා සහ කොළඹ සිට වවුනියාව දක්වා ධාවනය කෙරෙන දුර ගමන් සේවා බස් රථ වලට කිසියම් සංවිධානත්මක පිරිසක් විසින් සැලසුම් කර මාර්...
වවුනියාව සිට කොළඹ දක්වා සහ කොළඹ සිට වවුනියාව දක්වා ධාවනය කෙරෙන දුර ගමන් සේවා බස් රථ වලට කිසියම් සංවිධානත්මක පිරිසක් විසින් සැලසුම් කර මාර්ගයේ ඇණ තැබීම හේතුවෙන් ධාවන කටයුතු දැඩි අවධානම් තත්ත්වයක පවතින බව බස් රථ රියදුරෝ පවසති.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ඔවුන් කියාසිටින්නේ මෙලෙස ඇණ තැබීම වැඩි වශයෙන් වව්නියාව සිට අනුරාධපුර අතර සිදුවෙන බවත් බස් රථය ධාවනය වන විටදී සැගවී සිට ඇණ මාර්ගයට දමන බවත්ය.
මේ හේතුවෙන් වැඩි වශයෙන් හානියට පත්වන්නේ ලංගම බස් රථ බවත් ඉන්හා බස් රථයේ ගමන් ගන්නා මගීන් ද දැඩි අවධානමකට පත්වෙන බව ඔවුන් කියාසිටී.
ඡායාරූප පහතින්.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS