දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

අනාගතය ඉතිහාසයට බාරදීම...

රවී කරුණානායක මුදල් ඇමැති පදවියේ දිවුරැම් දුන් 2015 ජනවාරි 12 වැනිදා මේ තරම් ඉක්මණට තමන්ට ඇමැති පදවියෙන් යන්නට සිදුවනු ඇතැයි කිසිසේත් සිත...


රවී කරුණානායක මුදල් ඇමැති පදවියේ දිවුරැම් දුන් 2015 ජනවාරි 12 වැනිදා මේ තරම් ඉක්මණට තමන්ට ඇමැති පදවියෙන් යන්නට සිදුවනු ඇතැයි කිසිසේත් සිතන්නට නැත. ව්‍යවස්ථාවට 19 වැනි සංශෝධනය එක් වී 2020 වනතුරු අතරමගදී කඩාහැලෙන්නේ නැතිව ආණ්ඩුව ගෙනයාම ස්ථිර වූ දවසේ කොහොමටවත් තමන්ගේ ඇමැති පදවිය අහිමිවනු ඇතැයි සිතන්නට හේතුවක් නොතිබිණි. එහෙම වුණත් ආණ්ඩුව එහෙමම තිබියදී රවීට ඇමැති පදවිය අහිමි විය. ඉතිහාසය සහ කාලය විසින් තමන්ට හිමි තැන තීරණය කරනු ඇතැයි කියූ රවී ඉදිරිපෙළ අසුනින් බැහැරව පසුපෙළ අසුනක වාඩි විය.

රවී වරදකරුවකු හැටියට උසාවියකින් තීන්දු කර නැත. බැඳුම්කර කොමිසමේ විමර්ශනද තවම සිදුවෙයි. එහෙමනම් ඇයි රවීට ඇමැති පදවිය අත්හරින තැනට කටයුතු සිදුවුණේ? බාහිරෙන් එන බලවේගවලට ඇමැතිවරයකු තම ධූරය දන්දුන් අවස්ථාවක් මීට කළින් තිබුණිද? මතක ඇති කාලයක එහෙම සිදු වී නැත. තිලක් මාරපන මහතා ද මේ ඉරණමට මුහුණ දුන්නේය. ඇවන්ගාඩ් මෙහෙයුම්කරැවන්ගේ සේවා නියෝජිතයකු වශයෙන් කටයුතු කළේ යැයි කළ ප්‍රකාශය හේතුවෙන් ඔහුට ද ඉල්ලා අස්වීමට සිදුවිය. එය සිදු වූයේ ද යහපාලන ආණ්ඩුව ඇතුළේමය. මේ ආණ්ඩුවේ පමණක් එහෙම වෙන්නත්, කළින් ආණ්ඩුවේ එහෙම නොවෙන්නත් හේතුව කුමක්ද? මේ ප්‍රශ්නවලට පිළිතුරැ සෙවිය යුත්තේ රටේ මහජනතාව නොව ආණ්ඩුවේම ලොකු ලොක්කන් විසින්මය. මේ ආණ්ඩුවේ ඉදිරි ගමන් මග කෙසේ වනු ඇතිදැයි උත්තරය ඉන් සොයා ගතහැකි වීම නිසාය. 

හිටපු ආණ්ඩුවේ හොරුන් අල්ලන්න ඇවිත් දැන් තමන්ගේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට තනතුරු දමා යන තැනට වැඩ සිදුවීම ගැන යූ.එන්.පී. මන්ත්‍රී කණ්ඩායම ඉන්නේ සතුටකින් නොවන බව ඔවුන් කරන ප්‍රකාශවලින් පැහැදිලිය. හරීන් දිගින් දිගටම දැන් කියන්නේ තමන් ද කැපකිරීම් කොට හදාගත් යහපාලන ආණ්ඩුව දැන් තමන්ටම පාරා වළල්ලක් වී ඇති බවය. තවදුරටත් තමන් කට පියාගෙන ඉන්නට සූදානම් නැති බවය. ඒ වෙනුවෙන් ඇමැති පදවිය ඇතහැරීමට වුවද සූදානම් බව හරීන් කියයි. කැබිනෙට්ටුවේ ලාබාල ඇමැතිවරයකු වන හරීන්ගේ මේ අඬහැරය තනි පුද්ගලයකුගේ නොවීමට හොඳටම ඉඩ තිබේ. තම පාක්ෂිකයකුට එකම රස්සාවක් හෝ දිමට නොහැකිව කලකිරීමෙන් සිටින හරීන්ගේ හඬ යටපත් කිරීම පහසු නැත. යූ.එන්.පී.යේ ජ්‍යෙෂ්ඨයන් හරීන්ලාගේ අදහස් යටපත් කර දමන්නට හෝ ඔවුන් මට්ටු කිරීමට හෝ සැරසෙන්නේ නම් එහි ප්‍රතික්‍රියාද බලාපොරොත්තු විය යුතු බව හොඳින්ම පැහැදිලිය. 

රවී කරුණානායක අස්වීමට පෙර කළ ප්‍රකාශය යූ.එන්.පී. පාක්ෂිකයන්ගේ හදවත ආමන්ත්‍රණය කිරීමක් බව සමහරැන් කියන්නේ මේ පසුබිම යටතේය. රවී කළ විශේෂ ප්‍රකාශය තුළ කුමන්ත්‍රණකාරී උත්සාහයක් සහ කුමන්ත්‍රණකරැවන් පිළිබඳව සඳහන් කරන්න ඇත්තේ නිකම්ම නොවේ. එසේම තමා සාර්ථක ව්‍යාපාරිකයකු බවද දේශපාලනයෙන් මුදල් හම්බ නොකළ තමා දේශපාලනය නිසා පෞද්ගලික මුදල් නැතිකරගත් අයෙක් බව ද සඳහන් කළේය.

රවී තම නම නොකියා රාජපක්ෂ පාලනයටද පහර දුන්නේය. “ඉස්සර ඇමැතිවරයෙක් තියා ඇමැතිවරයකුට ගෑවුණු කෙනෙක්වත් කොමිසම් ඉස්සරහ කැඳවලා නැහැ. බලයෙන් ඔළුව පුම්බාගත්තු ඇමැතිවරැ ඒ කාලයේ හැසිරුණු ආකාරය අපි දන්නවා. අගමැතිවරු කටයුතු කරපු හැටි අපි දන්නවා. ජනාධිපතිවරු කටයුතු කළේ රජවරු වගෙයි. ඒ අය තවමත් නීතියට මුවාවෙන්න උත්සාහ කරනවා. අපි එහෙම නෑ. අපි නීතියට ගරුකරනවා. යුක්තියට හිස නමනවා. බැඳුම්කර කොමිසම වෙත සාක්ෂිකරුවෙක් ලෙස ගිහින් සාක්ෂි ලබාදී මා පෙන්නුම් කළේ ඒ නව දේශපාලන සංස්කෘතියයි. නව දේශපාලන සදාචාරයයි.

එසේම ඔහු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ද කරුණු දැක්වූයේය. රජයේ ඇමැතිවරයකු කැඳවා ආවේගශීලීව වුණත් ප්‍රශ්න කළ හැකි නිදහසක් අද තිබෙන බවද එදා ඇමැතිවරයෙක්ව ප්‍රශ්න කරන්න තබා ඇමැතිවරයෙක්ට සම්බන්ධ ෆයිල් එකක් ඇරලා බලන්නවත් නීතිපති දෙපාර්තමේන්තුවට නිදහස නොතිබුණු බව ද ශක්තිය නොතිබූ බව ද ඔහුගේ කතාවේ සඳහන් විය. මේ ආකාරයෙන්ම කඩිනමින් ක්‍රියාත්මක වී කලින් රජයේ මැති ඇමැතිවරුන්ගේ දූෂණ සහ වංචා සෙවීම සම්බන්ධ කාර්යයේදීත් මේ කාර්යශූරත්වය මනාව පවත්වාගෙන යන ලෙසද ඔහු සඳහන් කර තිබුණි.

අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබුණේ නව දේශපාලන සංස්කෘතියක් සහ සම්ප්‍රදායක් ඇති කිරීම සඳහා සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට රවි කරැණානායක මහතා ගත් පියවර පිළිබඳව ආඩම්බර වන බවය. එජාපයේ අයකුට හොරෙක් යැයි කිව්වොත් තමන් ඔවුන් අයින් කරන බවද කී රනිල් වික්‍රමසිංහ මහතා රවි කරුණානායක මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තහනම් නියෝග නොගත් බවත් කොමිසමට ගොස් ප්‍රකාශයක් කළ බවත් සඳහන් කළේය. මීට පෙර ඇමැතිවරයකු කොමිසමකට ගොස් කතාවක් දෙකක් කොට අයින් වුණේ කවදාදැයි ඔහු ප්‍රශ්න කළේය.

රවි කරුණානායක මහතා ධුරය අත්හැරීමෙන් පසුව ගැටලුව අවසන් වෙයිද? මේ කතාවලින් පෙනෙන්නට නම් තිබෙන්නේ එසේ වීමට ඉඩක් නැති බවය.

අලුත් සම්ප්‍රදායක් නව දේශපාලන සංස්කෘතියක් පිළිබඳව අගමැතිවරයා කොතරම් කතා කළත් මහින්ද රාජපක්ෂ කාලයේ චෝදනා ලැබූ හිටපු මැති ඇමැතිවරුන්ට එරෙහිව සිදුවන විමර්ශන ඇල්මැරුණු ස්වභාවයකින් ඉදිරියට යද්දී තමන්ගේ පක්ෂයේ ඇමැතිවරයකුට තනතුරු අත්හරින්නට සිදුවීම ගැන යූ.එන්.පී. මැති ඇමැතිවරුන්ගේ සිත් රිදී තිබෙන බව පැහැදිලිය. රවි සමග පෞද්ගලිකව තරහ මරහ ඇතිකරගත් පිරිසක්ද සිටියත් පාර්ලිමේන්තු කොරිඩෝවේ කතාබහින් පෙනී යන්නේ මෙය යූ.එන්.පී.ය ඇතුළේ පොදු ප්‍රශ්නයක් බවට හැරෙමින් තිබෙන බවය. එය ජනාධිපතිට එරෙහි යූ.එන්.පී. කැරැල්ලක් වීමටද හොඳටම ඉඩ තිබේ.

බැඳුම්කරය සම්බන්ධයෙන් විමර්ශන කොමිෂන් සභාවක් පත් කළේ ජනාධිපතිවරයාගේ තීන්දුවක් අනුවය. බැඳුම්කරය මහා වංචාවක් බව කියමින් ජනාධිපතිවරයාට සහාය දක්වන ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් දිගටම කියා සිටියේ මේ ගැන වහාම පියවරක් ගතයුතු බවය. ඒ වනවිට අර්ජුන මහේන්ද්‍රන්ට මහබැංකු අධිපති පදවිය අහිමිකර තිබිණි. මේ හේතුවෙන් පෙනී ගියේ බැඳුම්කර ගනුදෙනුව මහා වංචාවක් බවට ශ්‍රීලනිපයේ මෛත්‍රී සහ මහින්ද පාර්ශ්ව දෙකම කියන විට යූ.එන්.පී. එසේ වංචාවක් නුවූ බවත් රාජපක්ෂ යුගයේ සිටම බැඳුම්කර ගනුදෙනු සිදුව ඇති බවත් යන ස්ථාවරය දැරූ බවයි. මේ ස්ථාවරය යූ.එන්.පී.ය තුළ දිගටම රඳවා ගැනීම අපොහොසත් වූයේ බැඳුම්කර විමර්ශන කොමිසම හමුවේ සාක්ෂිකරැවන් කරුණු හෙළිකරද්දීය. කොමිසම පත්කළේ ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වයේ ඕනෑකම මත වුවත් එහි බලපෑම තිබුණේ යූ.එන්.පී. පාර්ශ්වයටය. එය කෙළින්ම දේශපාලන පොර පිටියේ තමන්ට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වීමක් හැටියට ඔවුන් තේරුම් ගත් බව පෙනෙන්නට තිබිණි. නමුත් සාක්ෂි මඟින් කරුණු හෙළි වනවිට රවී තම ඇමති පදවියෙන් යායුතු බවට යූ.එන්.පී. යේ පසුපෙළ මන්ත්‍රීන් පිරිසගෙන් ද හඬක් නැගුණි. යහපාලන රජයක් වෙනුවෙන් ඡන්දය දුන් මිලියන සංඛ්‍යාත ජනතාවගේ අභිලාෂයන් බැඳුම්කර වංචාව හේතුවෙන් සුන් වී යන බවට මතයක් ද ගොඩ නැගීම ඊට හේතුවිය. යහපාලන ආණ්ඩුවම විසින් හඳුන්වනු ලබන නිහඬ විප්ලවය වෙනුවෙන් ජනතාවගේ කැමැත්ත හිමිවූයේ පිරිසුදු රජයකට මිස දූෂිත රජයකට නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. 
රවීගේ ප්‍රශ්නය මේ තරම් දුරදිග යාමට එක් ‍හේතුවක් වූයේ අර්ජුන මහේන්ද්‍රන් ඉවත්ව යායුතු අවස්ථාවේදී යූ.එන්.පී.ය ඒ වෙනුවට ඔහුව ආරක්ෂා කිරීමට ඉදිරිපත් වීමය. එතැනදී ලකුණු රැස්කරගත්තේ පැහැදිලිවම යහපාලන ආණ්ඩුවේ එක් පාර්ශවයක් පමණි. එනම් මෛත්‍රීපාල ජනාධිපතිවරයාත් ඔහුගේ ශ්‍රී.ල.නි.ප. මැති ඇමති පිරිසත්ය. අර්ජුන මහේන්ද්‍රන් ආරක්ෂා කිරීම වෙනුවට ඔහුට යාමට දොර හැර දුන්නේ නම් බැඳුම්කර වංචාවද මේ රටේ බොහෝමයක් වංචා සේම කාලය විසින් යටපත් කිරීමට ඉඩ තිබිණි. ඒ අවස්ථාවේදී හරි තීන්දුව ගත යුතුව තිබුණේ යූ.එන්.පී. නායක රනිල්ය. නමුත් තීන්දුව ගත්තේ ශ්‍රී.ල.නි.ප. නායක මෛත්‍රීපාලය.

ඒ වෙලාවේ යහපාලන ආණ්ඩුව බිහිකිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ සිවිල් ක්‍රියාකාරිකයන් ද අගමැති හමුවී කියා තිබුණේ අර්ජුන මහේන්ද්‍රන් ආරක්ෂා කිරීමට නොයන ලෙසටය. එය ආණ්ඩුව විශාල අර්බුදයක් කරා රැගෙන යනු ඇති බව ඔවුන්ගේ මතය විය. එසේ වුව ද අගමැති ප්‍රමුඛ යූ.එන්.පී.ය තමන් දරන ස්ථාවරයෙන් බැහැර වීමට උනන්දුවක් දැක්වූයේ නැත. ජනාධිපතිවරයා සිය බලතල භාවිතාකොට අර්ජුන මහේන්ද්‍රන් ඉවත් කරන විට සිදුවිය හැකි හානිය වෙලා ඉවර වී තිබිණි.
බැඳුම්කර වංචාව පිළිබඳව කතාබහ සතියෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් රටට අමතක වනු ඇතැයි යූ.එන්.පී.ය සිතන බවත් මුලසිටම පෙනුණේය. එහෙත් තමන් සිටින්නේ තනි රජයක නොව හවුල් රජයක බව ද තමන්ගේ පාර්ශවකරුවන් වන ශ්‍රී.ල.නි.ප.යේ මෛත්‍රී පාර්ශවය දරන්නේ ප්‍රතිවිරුද්ධ අදහස් බව ද එම සාධක කෙදිනක හෝ තීරණාත්මකව බලපානු ඇතැයි යූ.එන්.පී.ය නොසිතූ බව පැහැදිලිය. මහින්දගේ ඒකාබද්ධ විපක්ෂය මුලදී බැඳුම්කර සිද්ධිය ගැන එතරම් අවධානයක් යොමු නොකළේ මන්දැයි ඒ කාලයේ තරමක ප්‍රහේළිකාවක් වී තිබිණි. නමුත් මහින්ද රාජපක්ෂ රජයට එරෙහි විමර්ශන කටයුතු සෙමින් සිදුවෙමින් පැවැතීමත් වරින්වර එක්කෙනා දෙන්නා බැගින් රිමාන්ඩ් ගතවීම හැරුණු විට නඩු පැවැරීම් ප්‍රමාදවීමත් ඒකාබද්ධයේ නිහඬවීමත් අතර සම්බන්ධයක් ඇතැයි මේ රටේ දේශපාලන කරළිය පිළිබඳව හොඳ ඉවක් තිබෙන ඕනෑම කෙනකුට වැටහෙමින් තිබුණි.

තත්ත්වය වෙනස් වූයේ බැඳුම්කර වංචාවට එරෙහිව රට ඇතුළින්ම විරෝධය ගොඩනැගෙද්දීය. ජනතා විමුක්ති පෙරමුණ බැඳුම්කර වංචාවට එරෙහිව ප්‍රබල ජනමතයක් ගොඩනගන විට ඒකාබද්ධ විපක්ෂයටද තවදුරටත් නිහඬව සිටීමට නොහැකි විය. ඒකාබද්ධයේ සුළු පක්ෂවල නායකයන් බැඳුම්කර වංචාව මේ රටේ සිදුවූ ලොකුම වංචාව බවට ප්‍රබල මතයක් ඇතිකරන විට ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වයටද බැඳුම්කර විරෝධී හඬට පණ පොවන්නට සිදුවිය. යූ.එන්.පී. නායකයන් කුමන හෝ එකඟතාවක් කා සමග හෝ ඇති කරගෙන තිබුණත් පසුගිය මාස කිහිපය තුළ එහි වටිනාකම බින්දුවටම බැස්සේය. පාර්ලිමේන්තුව ඇතුළේ නිල විපක්ෂය වන ටී.එන්.ඒ. එක බැලන්ස් කර ගැනීම පමණක් මෙහිදී ප්‍රමාණවත් වූයේ නැති බව පැහැදිලිය. ඔවුන් බැඳුම්කරයට හරි කියන්න ගියේත් නැත. වැරදියි කිව්වේත් නැත. මේ සියල්ලේ ප්‍රතිඵලය වූයේ ආණ්ඩුවේ යූ.එන්.පී. පාර්ශ්වය බැඳුම්කර වංචාව කොමිසම හමුවේ දිගහැරෙන විට කරකියා ගත නොහැකි තත්ත්වයකට පත්වීමය.

රවිගේ මුදල් ඇමැති පදවිය ගහලා ගිය අවස්ථාවේදීත් වෙන්න යන දේ පැහැදිලිව පෙනිණි. එහෙත් එතැනදීද හරි තීන්දුව ගැනීමට යූ.එන්.පී.ය පසුබෑවේය. අන්තිමට රවි කරුණානායක ඇමැති පදවියෙන් එක්කෝ ඉල්ලා අස්වෙන තැනට නැතහොත් අස්කරන තැනටම පත්විය. මේ වනවිට ආණ්ඩුව ඇතුළේ ශ්‍රීලනිප සහ යූ.එන්.පී. දෙපාර්ශ්වය අතර මතභේද උත්සන්නව පැවැතීමද රජයේ හරහට හිටියේය. ඇමැති පදවියෙන් ඉවත්වීමට ලැබීම තමන්ට ආඩම්බරයක් බව පවසමින් රවිගේ ඉල්ලා අස්වීම සිදුවිය.

රවීට අැමැති පදවිය අත්හැරීමට සිදුවූෙය් අධිකරණ ක්‍රියාමාර්ගයකින් ෙනාවීම විෙශ්ෂ කරුණකි. ඔහුෙග්ම අැතැම් අතීත මිතුරන්ෙග් කරුණු හෙළිකිරීම් ඊට පාර කැපුෙව්ය. කොමිසම පණගැන්වුෙණ් එම හෙළිකිරීම් අනුවය.

රටේ ජනතාවගේ මූලික ප්‍රශ්න සම්බන්ධයෙන් රජය ප්‍රමාණවත් තරම් සංවේදී නොවීමද මේ ගැටලුව උග්‍ර කිරීමට සමත් වූ බව නොරහසකි. ජනතාව බලාපොරොත්තු වූදේ රජයෙන් ඉටු නොවන විටත් බලාපොරොත්තු නොවූදේ රජය අතින් සිදුවන විටත් ජනතාව රජය කෙරෙහි කලකිරීම නැවැත්විය නොහැක. රජය විශේෂයෙන්ම යූ.එන්.පී. පාර්ශ්වය තේරැම් නොගත්තේම ජනතාව තමන් බලයට පත් කළ මූලික කාරණය කුමක්ද යන්නය. රාජපක්ෂලාට එරෙහිව එල්ල කළ බරපතළ වංචා දූෂණ චෝදනා ගැන සෙවීම දියාරු විය. මැති ඇමැතින් වෙනුවෙන් විශාල ජාතික ධනයක් වැය කිරීම වැඩිවූවා මිස අඩුවූයේ නැත. වංචා සහ දූෂණ චෝදනා නැති ආණ්ඩුවක් ගැන ජනතාවට තිබූ සියලු අපේක්ෂා මුලසිටම නැතිවිය.

මේ සියල්ල වෙනුවට රාජපක්ෂවරැන් ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය නගන හඬ රටේ ආණ්ඩුව නගන හඬට වඩා ප්‍රබල විය. මැති ඇමැතින්ට අධි සැප වාහන ගෙන්වීමට පමණක් මාස කිහිපයකට වරක් රුපියල් බිලියන ගණන්වලින් මුදල් පාස්කරගනු ලැබීය. බැඳුම්කර, ශ්‍රීලන්කන් එයාර් බස් ගනුදෙනුව වැනි මහා පරිමාණ වංචා චෝදනා එල්ල විය. මහජනතාවට ජීවත්වීම අමාරු විය. කෘෂි නිෂ්පාදන සඳහා අවධානය හොඳටම අඩුවිය. ඡන්ද පැවැත්වීම දවසින් දවස කල් ගියේය.

මීට අමතරව ආණ්ඩුව ඇතුළේද මතභේද උත්සන්න වෙමින් තිබේ. මුලින් පැවැසුණේ ශ්‍රීලනිපය තනිව ආණ්ඩුවක් හැදීමට කටයුතු කරන බවය. දැන් කියන්නේ යූ.එන්.පී. තනිවම ආණ්ඩුවක් හැදිය යුතු බවය. මා ඉන්නේ කලකිරීමෙන් යැයි සුසිල් ප්‍රේමජයන්ත කියන විට හම්බන්තොට වරාය ආපසු අරන්දීලා මිසක් පස්ස බලන්නේ නැතැයි විජයදාස රාජපක්ෂ කියයි. මේ ආණ්ඩුව බලයට පත්කළ ජනතාවට නම් මේ සියල්ල අපබ්‍රංස කතාය. බයිලා කතාය. තමන් බලාපොරොත්තු වූ වංචා දූෂණ අඩු, තමන්ගේ ගැටලු විසඳා දෙන, ජනහිතකාමී රජයක් වෙනුවට වංචා දූෂණ චෝදනා හේතුවෙන් ඇමැතිවරුන්ට පදවි අහිමි වන හැම ගැටලුවක්ම දිග්ගස්සන ආණ්ඩුවක් තමන්ට ලැබී තිබෙන බව ජනතාවට අවබෝධ වෙමින් තිබේ. මේ අවස්ථාව පිළිබඳව හරි අවබෝධයකින් කටයුතු නොකළහොත් 2015 ජනවාරි 08 නිහඬ විප්ලවය ආපසු කරකැවී එදා ගෙදර යැවූ මහින්ද රාජපක්ෂ පාලනය යළි ගෙනඒම සඳහා ප්‍රතිවිප්ලවයක් ඇතිවීමට ඉඩ තිබෙන බව වටහා ගැනීම අවශ්‍යය.

රවි කරුණානායකට ධුරය අත්හරින්නට සිදුවීම ගැන සලකා බැලිය යුත්තේ ඉහත කරුණු සියල්ල සලකා බලමිනි. රවිට අත්වූ ඉරණම රටේ දැනට පවතින සියලුම ගැටලුවල සම්මිශ්‍රණයක් හැටියට කෙනකුට පෙනී යා හැකිය. රවි කිව්වේ මට හිමි තැන ඉතිහාසය සහ කාලය විසින් තීරණය කරනු ඇතැයි කියාය. මේ යන විදියට නම් ආණ්ඩුවට හිමිතැනද ඒ ආකාරයටම තීරණය වීමට ඉඩ තිබේ.

ශශීන්ද්‍ර

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28598,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනාගතය ඉතිහාසයට බාරදීම...
අනාගතය ඉතිහාසයට බාරදීම...
http://ift.tt/2hW9dLR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_695.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_695.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy