හිටපු වෙළඳ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්සටන් ප්‍රනාන්දු මහතා අද (10) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය. ඒ, පස...
හිටපු වෙළඳ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්සටන් ප්‍රනාන්දු මහතා අද (10) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය.
ඒ, පසුගිය රජය සමයේ කැබිනට් අනුමැතියකින් තොරව මෙරටට සහල් තොගයක් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
2014 වසරේදී කැබිනට් අනුමැතියකින් තොරව සහල් මෙක්ට්‍රික් ටොන් 60,000ක් ලංකා සතොසට ගෙන්වීමේ දී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඒ මහතාගෙන් මෙලෙස ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පියවර ගෙන ඇත.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රකාශකළේ මේවන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ ලබාගනිමින් සිටින බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දිනක ඔහු ජනාධිපති විමර්ශන කොමිසමට ද කැඳවීය.
COMMENTS