මහනුවර, හන්තාන ප්‍රදේශයේ මානව හා නායකත්ව විද්‍යා පීඨය නමින් ආයතනයක් පවත්වාගෙන යමින් එහි සිසුවියන් අපයෝජනයට ලක්කළා යැයි කියන සිද්ධියේ දෙවන ...
මහනුවර, හන්තාන ප්‍රදේශයේ මානව හා නායකත්ව විද්‍යා පීඨය නමින් ආයතනයක් පවත්වාගෙන යමින් එහි සිසුවියන් අපයෝජනයට ලක්කළා යැයි කියන සිද්ධියේ දෙවන සැකකරුවා වන මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරික නිමල් පීරිස් මහතා අද (10) අලුයම පොලීසියට බාරවූ බව මහනුවර පොලිසිය ප්‍රකාශ කරයි.
සිද්ධියේ ප්‍රධාන සැකකරුවා වන එහි භාරකරු චන්දිමාල් ගමගේ මහතා මීට පෙර පොලිස් භාරයට පත්වූ අතර අද දින පොලීසියට භාර වූ නිමල් පීරිස් මහතාගේ ඇප අයදුම්පත මහනුවර මහාධිකරණය අද දින ප්‍රතික්ෂේප කළේය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වු සිසු සිසුවියන්ගේ මානසික තත්ත්වය වර්ධනය කර නැවත විභාගය සඳහා සහභාගී කරවීමට මාස 06 ක නේවාසික පාඨමාලවක් පවත්වන බව කියමින් පුවත්පත්වල පළ කළ දැන්විමකට අනුව මෙම සිසුවියන් අදාළ ආයතනයට බඳවාගෙන ඇති බවත් එහිදී සිදුවූ බව කියන අකටයුතුකම් ඉවසා ගැනිමට නොහැකි වු සිසුවියන් 04දෙනකු පසුගිය 01වැනිදා අලුයම එම ආයතනයෙන් පැන ගොස් හන්තාන ප්‍රදේශයේ කැලෑවක රැඳී සිට අසල්වැසියකුගේ මාර්ගයෙන් පොලිසියට පැමිණිලි කර ඇති බවත් වාර්තා විය.
මෙම ආයතනයේ භාරකරු ලෙස පෙනි සිටි පුද්ගලයා සිසුන්ට දේශන පවත්වා ඇති අතර වයස 15, 16, 17 යන වයස්වල පසුවූ සිසුවියන් 09දෙනකු ආයතනයේදි හා ඉන් පිටතදි තමන් ලිංගික හිසාවට ලක්වු බව කියමින් පොලිසියට පැමිණිලි කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ආදාළ ආයතනයේ පාලිකාව හා අයකැමිවරිය ද පෙරේදා (08) දින අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS