රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම තනතුරෙන් ඉවත් කර ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු පත් කිරීම පිළිබඳව රජයේ අවධානය...
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම තනතුරෙන් ඉවත් කර ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු පත් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය සාධනය අධ්‍යනයට ලක් කිරීමෙන් පසුව මේ කාරණය ගැන රජයේ යොමුව ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරින් දෙදෙනකුගේ නම් මේ වනවිටත් රජයට යෝජනා වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
නැගෙනහිර මහඇමතිවරයා සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධියේදී ආරක්ෂක ලේකම්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රජයේ ප්‍රධානීන් ඔහුට දැඩි අවවාදයක්ද කර තිබූ බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.
COMMENTS