පෞද්ගලික චාරිකාවක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින නෝර්වේ අගමැතිනි එර්නා සෝල්බර්ග් මහත්මිය අද (12) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. ...
පෞද්ගලික චාරිකාවක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින නෝර්වේ අගමැතිනි එර්නා සෝල්බර්ග් මහත්මිය අද (12) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
ජනාධිපති කාර්යාලයේදී පැවති නිල හමුවට පෙර නෝර්වේ අගමැතිවරිය වෙනුවෙන් හමුදා වෙඩි මුර සහිත උත්තමාචාරයක් ද පිරිනැමීය.
පසුගියදා දිවයිනට පැමිණි නෝර්වේ අගමැතිනි එර්නා සෝල්බර්ග් අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ද හමුවීමටද නියමිතය.
නෝර්වේ අගමැතිනිය අද ජාත්‍යන්තර සබදතා සහ ක්‍රමෝපාය අධ්‍යයනය පිළිබද ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ දේශනය පැවැත්වීමට නියමිතය.
නෝර්වේ අගමැතිනිය හෙට (13) දකුණු වෙරළ තීරයේ පිහිටි මිරිස්ස ධීවර වරාය ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමට ද නියමිත අතර, වරාය සංවර්ධන කමිටු නියෝජිතයන් ද මුණ ගැසීමට නියමිතය. ඇය හෙට දිනයේ ගාලූ කොටුවේ ද සංචාරයක නිරත වීමට නියමිතය.
COMMENTS