යාපනය දඹකොළ පටුන ඓතිහාසික විහාරයේ ස්ථාපිත කර තිබූ පිං කැටයක් කඩා දමා එහි තිබූ රුපියල් ලක්ෂයකට අධික මුදලක් සොරකම් කළ කුඩා ළමුන් 04දෙනෙකු පො...
යාපනය දඹකොළ පටුන ඓතිහාසික විහාරයේ ස්ථාපිත කර තිබූ පිං කැටයක් කඩා දමා එහි තිබූ රුපියල් ලක්ෂයකට අධික මුදලක් සොරකම් කළ කුඩා ළමුන් 04දෙනෙකු පොලිස් භාරයට ගත් බව ඉලවාලෙයි පොලීසිය ප්‍රකාශ කරයි.
මෙම ළමුන් 04දෙනා ඊයේ (29) රාත්‍රියේ මෙම සොරකම සිදුකර ඇති අතර ඊයේ සවස එම ස්ථානයේ සැරිසැරූ කුඩා ළමුන් පිරිසක් සම්බන්ධයෙන් සැක පළකර සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මුදල් සමග හම සැකකාර ළමුන් සොයාගැනීමට පොලිසිය සමත් වී තිබේ.
එම කුඩා ළමුන් 13 හා 14 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් ඉලවලෙයි පොලිසියට රැගෙනවිත් දැඩි සේ අවවාද කොට ඔවුන්ගේ දෙමාපියන්ට භාර දී ඇත.
ඉලවාලෙයි පොලිසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS