නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු ලබා ගැනීමේ දී සිදු වී යැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද (...
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු ලබා ගැනීමේ දී සිදු වී යැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද (01) අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත භාරදීමට නියමිතය.
පසුගිය කාලයේදී මහත් මතභේදයකට තුඩු දුන් එම ටෙන්ඩරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් ත්‍රි පුද්ගල කමිටුවක් පත් කළ අතර ඒ අනුව අද දින ඔවුන්ගේ වාර්තාව අමාත්‍යවරයාට භාරදීම සිදුවේ.
වාර්තාව ලද වහාම එය පාර්ලිමේන්තුවට සහ මාධ්‍ය ආයතනවලට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS