දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තරුණයාගේ මරණය ගැන විමල්ගෙන් නිවේදනයක්
Homeප්‍රවෘත්ති

තරුණයාගේ මරණය ගැන විමල්ගෙන් නිවේදනයක්

PropellerAds

සිය හෝකන්දර නිවසේදී මියගිය ලහිරු ජනිත් තරුණයාගේ මරණය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම ...

පුටු නැතිවූ ලේකම්වරුන්ටත් වැටුප් දීමනා සහ අනෙකුත් සියලු වරප්‍රසාද එක්ක තීරුබදු රහිත වාහන බලපත්‍රයක් !
රුවන්ට නායකකම දෙනවා නම් මට ජාතික ලැයිස්තුව ඕනේ - අකිල රනිල්ට දැනුම් දීලා
රුවන්ට නායකකම දෙනවා නම් මට ජාතික ලැයිස්තුව ඕනේ - අකිල රනිල්ට දැනුම් දීලා
තරුණයාගේ මරණය ගැන විමල්ගෙන් නිවේදනයක්

සිය හෝකන්දර නිවසේදී මියගිය ලහිරු ජනිත් තරුණයාගේ මරණය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින්,

ලහිරු ජනිත්ගේ මරණය පිළිබඳ මඩ ප්‍රචාර සහ අවලාදවලට පිළිතුරක් !

ලහිරු ජනිත් තරුණයාගේ මරණය පාදකකර ගනිමින් සමාජ ජාලා වෙබ් අඩවි මගින් විවිධ ද්වේෂ සහගත ප්‍රචාරයන් සිදු කරමින් පවතී. මෙය ලියැවෙන්නේ ඊට පිළිතුරු වශයෙනි.

ලහිරු ජනිත් මාගේ පුතාගේ සමීප මිතුරකු මෙන්ම අපගේ අසල්වැසියෙකු ද වේ. පුතුගේ මිතුරුදම හේතුවෙන් ඔහු අපගේ නිවසට නිතර ආ ගිය අයෙකි. මරණය සිදු වු දිනයේද ඔහු අප නිවසට පැමිණි ඇති අතර එදින නිවසෙහි පුතුට අමතරව මිතුරන් කිහිප දෙනෙකුද සිට ඇත. මා එදින කොළඹින් බැහැරව සිටි අතර රාත්‍රියේ නිවසෙහි සිටියේ නැත.

මේ මිතුරු කැල සතුටු සාමීචියෙහි යෙදෙමින්ද සිනමාපටයක් නැරඹීමෙන්ද අනතුරුව රාත්‍රියෙහි නින්දට ගොස් ඇති අතර ලහිරු ජනිත් අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව මා හට ගැන ගැනීමට ලැබිණි. ඔහු මියගියේ මාගේ නිවසෙහි නිසා මේ වන විට ඒ මියයෑම පාදකකර ගනිමින් දේශපාලන සතුරෝ විවිධ මඩ ප්‍රචාරයන් සහ අවලාද නිර්මාණය කරමින් සිටිති. මාගේ බිරිඳත්, පුතනුවන් හා දියණියන් පාදක කරමින් නිර්මාණයකර ඇති එම මඩ හා අවලාද ඉතාමත් පිළිකුළෙන් යුතුව හෙළා දකිමි.

එසේම මෙම මියයෑම සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රසිද්ධ වූවාට පසු මෙම මඩ ප්‍රචාර සහ අවලාදයන් කොතරම් නින්දිත අයුරින් නිර්මාණය කොට ඇතිදැයි ඔබට වැටහෙනු ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙහි මෙම මරණය ස්වභාවික මරණයක් බවත් එය හෘදයාබාධයකින් සිදුව ඇති බවත් සඳහන්ව තිබේ. සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යවා ඇත්තේ හෘදයාබාධය සිදුව ඇත්තේ කවර හේතුවක් නිසාදැයි පරික්ෂා කිරිමටය.

අවසන් වශයෙන් මාගේ දේශපාලන විරුද්ධවාදීන් මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් පාදකකර ගනිමින් ඉහත ආකාරයේ මඩ ප්‍රචාර හා අවලාද මෙහෙයුම් දියත් කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට තරම් පහත් තත්වයකට ඇද වැටිම පිළිබඳව බෙහෙවින් කනගාටු වෙමි. 

 

විමල් වීරවංශ (පා.ම)

නායක, ජාතික නිදහස් පෙරමුණ 

2016.10.28

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තරුණයාගේ මරණය ගැන විමල්ගෙන් නිවේදනයක්
තරුණයාගේ මරණය ගැන විමල්ගෙන් නිවේදනයක්
http://ift.tt/2eTBmyF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_423.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_423.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy