සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යුද...
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යුද හමුදා බුද්ධි අංශයේ මාණ්ඩලික සැරයන් ප්‍රේම් උදුලාගම මහතා ඇප මත නිදහස් කිරීමට ඊයේ (27) ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මෙහොමඩ් සහබ්දීන් මහතා නියෝග කළේය.
ඒ, රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 03ක් මතය.
සැකකරුට කිසිදු හමුදා කඳවුරකට හෝ හමුදා අනුඛණ්ඩයකට ඇතුළුවීමට තහනම් කළ මහේස්ත්‍රාත්වරයා, ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙස ද නියෝග කළේය.
මේ අතර ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමන් ලිපියක් ලියා තබා දිවි නසාගත් හමුදා බුද්ධි අංශයේ විශ්‍රාමික සැරයන් එදිරිසිංහ ජයමාන්න නමැත්තාගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඒවා ලසන්ත වික්‍රමතුංග මහතාගේ වාහනයේ ඇඟිලි සලකුණු සමඟ සැසදූ බවත්, ඒවා එකිනෙකට නොගැලපුණු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
තවද ඔහුගේ නිවස පරීක්ෂා කළද ඔහු දිවි නසා ගැනීමට පෙර ලියුමක් ලීවීමට යොදාගත් කොපි පොතේ පිටුව ඇතුළත් වියයුතු බවට සැකකළ හැකි පොතක් හෝ ඒ සඳහා යොදාගත් පෑනක් හෝ සොයා ගැනීමට නොහැකි වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේ අදාල තැනැත්තාගේ පශ්චාත් මරණ පරීක්ණ කටයුතු අවසන් බැවින් ඔහුගේ සිරුර අවසන් කටයුතු සිදුකිරීම සඳහා ඔහුගේ පුත්‍රයාට සහ ඥාතීන්ට භාරදෙන ලෙසයි.
COMMENTS