දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමේ සැලසුම හෙළිවෙයි  
Homeප්‍රවෘත්ති

වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමේ සැලසුම හෙළිවෙයි  

PropellerAds

මේ වනවිට ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වෙමින් තිබෙන බව ජ.වි.පෙ. ජාතික සංවිධායක පාර්...

තේරීම් කමිටු වැඩක් නෑ.. මං විශ්වාශ භංගයට පක්‍ෂයි.. බදියුදීන් ඉල්ලා අස්වනු..- ඇමති නිරෝෂන් ජනතා අත්පොලසන් මැද කියයි.. [Video]
මඩකලපුවේ පාසල් ගණනාවක් හිස්බුල්ලා නමට ලියා ගනී..
මුස්ලිම් ලාබාල විවාහ අවසන්.. මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරයි
වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමේ සැලසුම හෙළිවෙයි  

මේ වනවිට ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වෙමින් තිබෙන බව ජ.වි.පෙ. ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද(29) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 15%ක අයිතිය රජය සතුව තබාගෙන 85%ක් විකුණා දැමීම සඳහා කිසිදු කැබිනට් අනුමැතියකින් තොරව දැන්වීම් පළකොට ටෙන්ඩර් කැඳවා ඇති බවද බිමල් රත්නායක මහතා පැවසීය. 

එහිදී මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

“මේ වනවිට ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා. කොළඹ වරාය අවුරුදු දහස් ගණනක් පැරණි ඉතාම සාර්ථක, විශාල වැදගත්කමකින් යුතු වරායක්. එදාමෙදා තුර සුවිශේෂී නාවික වැදගත්කමකින් යුතු ස්ථානයක්. වරාය අධිකාරිය සතු ප‍්‍රධානම වරාය වන කොළඹ වරාය පහුගිය පාලනයන් තුළදී අතිවිශාල දූෂණ වංචා, අක‍්‍රමිකතා මැද්දේ වුවත් සාර්ථක වරායක් ලෙස පවත්වාගෙන යනවා. අඩි 20 කන්ටේනර් හැසිරවීම වැනි පහසුකම අනුව ලෝක ශ්‍රේණිගත කිරීම් තුළ 24වැනි ස්ථානයේ රැඳී ඉන්නවා. ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රමිතිකරණයන්වලදී වාර්ෂිකව කරනු ලබන සංගණනයන්ට අනුව ලෝකයේ ජාත්‍යන්තර වරායන් අතර ඉහළම ස්ථානයක රැඳී සිටීමට කොළඹ වරායට හැකිවී තිබෙනවා. අමෙරිකානු සහ චීන වරායන් සමඟ තරඟකාරී මට්ටමක කටයුතු කරනවා. 

කොළඹ වරායේ නැගෙනහිර කන්ටේනර් පර්යන්තය විකුණා දැමීම සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය මගින් පසුගියදා දැන්වීමක් පළකර තිබුණා. ඒ අනුව නැගෙනහිර පර්යන්තය සඳහා ලංසු කැඳවා තිබෙනවා.“ 

“කොළඹ වරායේ නැගෙනහිර කන්ටේනර් පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ලංසු කැඳවීම පිණිස පූර්ව සුදුසුකම් සඳහා අභිලාෂය ප‍්‍රකාශ කිරීම යනුවෙන් එම දැන්වීමේ සඳහන් වෙනවා. සංවර්ධනය කිරීමට යන බව පවසමින් විකුණා දැමීමේ කි‍්‍රයාවලියක් තමයි ආණ්ඩුව සැලසුම් කරමින් තිබෙන්නේ. ඒ වගේම එම දැන්වීමේ සඳහන් වෙනවා ‘මෙම නැගෙනහිර පර්යන්තය දැනට පවත්නා ආකාරය අනුව මීටර් 440ක් දිග, මීටර් 18ක් ගැඹුර ජැටි බැම්මක්, හෙක්ටයාර් 20ක ප‍්‍රදේශයක් හා ශී‍්‍ර.ලං.ව.අ ආයතනයේ සංවර්ධිත අදාළ පහසුකම්වලින් යුක්ත වේ’ යනුවෙන්. ඒ අනුව දැනටමත් කන්ටේනර් 18,000ක් මට්ටමේ විශාල නැව් හැසිරවීමේ හැකියාවක් නැගෙනහිර පර්යන්තයට තිබෙනවා. දැනට අඩුපාඩුවක්ව තිබෙන්නේ කන්ටේනර් හැසිරවීමට අවශ්‍ය දොඹකර සහ අදාළ උපකරණ නොමැතිවීමයි. රාජපක්‍ෂ පාලන සමයේ ඊට අවශ්‍ය දොඹකර මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවා තිබුණා. ඒ කාලයේ විශාල අක‍්‍රමිකතා තිබියදීත් දොඹකර මිලදී ගැනීම සඳහා 95%ක වැඩකටයුතු අවසන් කර තිබුණා. විදෙස් සමාගමක් සමඟ ගිවිසුම් අත්සන් කර තිබූ අතර ඩොලර් මිලියන 67ක දොඹකර මිලදී ගැනීමට කටයුතු සූදානම්කර තිබුණා. ආණ්ඩුව මාරුවීමත් එවකට වැඩි මිල ගණන් ගෙවීමට සිදුව තිබීමත් නිසා 2015 වර්ෂයේදී ගනුදෙනුවට අදාල ගිවිසුම අවලංගු කළා. ලංකා ආණ්ඩුව මුදල් නොගෙවීම නිසා එම මිලදීගැනීම් නතර වුණා. “ යැයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

දොඹකර මිලදී ගෙන වැඩ පටන් ගැනීමට හැකියාව තිබියදී පසුගිය 2015 ජූනි 20 වැනිදා වර්තමාන වරාය ඇමති අර්ජුන රණතුංග විසින් කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කොට නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එහිදී අමාත්‍යවරයා සඳහන් කරන්නේ දැනට හසුරුවනු ලබන බහාලූම් 70%ක් පමණ වන අතර වැඩිවෙමින් පවතින බහාලූම් ප‍්‍රවාහන පරිමාවන් අත්පත් කිරීමේ තරඟයේදී ටාන්ජුන් පෙළෙපාස් ක්ලැන්ග් වරාය, සිංගප්පූරුව වැනි සලාලා වැනි තරඟකාරී වරායන් වෙතින් අපට විශාල පීඩනයක් එල්ල වී තිබෙන බවත් ඉන්දියානු රජයේ කොචින් නගරයේ වරාය වන වල්ලාර් පාදම් වරාය සිය ප‍්‍රතිනැව්ගත කිරීම් සන්ධිස්ථානයක් බවට ප‍්‍රකාශ කිරීමත් සමඟ මෙම තරඟය වඩාත් තීව‍්‍ර තත්වයකට පත්වී ඇති බවයි. 

ඒ වගේම ඉන්දියානු ප‍්‍රමුඛ වරායන් 12ක් අලූත්වැඩියා කිරීම නිසා එම බලපෑම තවත් තීව‍්‍ර වී තිබෙන්නේ කොළඹ වරාය විසින් හසුරුවනු ලබන නැව්වල ප‍්‍රතිනැව්ගත කිරීමේ පරිමාවෙන් 90%ක්ම ඉන්දියාවට යන හා එන ඒවා වීම බවද ඇමතිවරයා පෙන්වා දෙයි. එනිසා නැගෙනහිර ජැටිය සංවර්ධන අවශ්‍යතාවයක් පැනනැගී ඇති බව කැබිනට් පති‍්‍රකාවේ සඳහන්වේ. එමෙන්ම ති‍්‍රමාණ මුද්‍රණ හේතුවෙන් ගුවන් යානා බඩු වෙළඳාමෙන් 41%ක් සහ සමුද්‍ර බහාළුම් වෙළඳාමේ 37%ක් අවදානම් තත්වයේ පවතින බව කර්මාන්ත අංශය මෑත කාලයේ ක‍්‍රමෝපාය හා විශ්ලේෂණවලින් සොයා ගැනීමත් නිසා ආසියාවේ ප‍්‍රතිඅපනයනය සිදුකරන වරායන්වලට අභියෝගයක් එල්ලවී තිබෙන බවද අමාත්‍යවරයා පවසයි. 

“ඒ වගේම කොළඹ වරායෙන් ප‍්‍රධාන ජැටි 5න් 4ක් තුළම දැනටත් බහාළුම් කටයුතු සිදුවෙමින් තිබෙනවා. දැනට පවතින දුර්වලම පර්යන්තයන් දෙක තමයි ආණ්ඩුව සතුව පවතින්නේ. එම ජැටි දෙකෙහි ගැඹුර අඩු නිසා දැනටමත් නැව් ගමන් කරන්නේ පෞද්ගලීකරණය කර තිබෙන ගැඹුරින් වැඩි ජැටිවලටය. මොකද ඒවා මීටර් 18 දක්වා ගැඹුර සහිත පහසුකම් තිබෙන ඒවායි. කොළඹ වරාය සතු අනෙකුත් ජැටි 85%ක්, 93%ක් වැනි ප‍්‍රතිශතයකින් පෞද්ගලීකරණය කොට තිබෙන නිසා නැගෙනහිර පර්යන්තය ආණ්ඩුව සතුව තිබීම අත්‍යවශ්‍යයි. ආණ්ඩුව සතුව 7%, 15% වැනි අයිතියක් තිබෙන ජැටිවලින් 2014 වර්ෂයේ ඇ.ඩො.මිලියන 45ක් වැනි විශාල ලාභයක් ලබාගෙන තිබෙනවා. එසේ තිබියදී ඇමතිවරයා විසින් යෝජනා කරන්නේ ශී‍්‍ර ලංකා වරාය අධිකාරියට 51%ක හිමිකමක් සහිතව නැව් සමාගමක් සමඟ හෝ පුද්ගලික පර්යන්ත මෙහෙයුම්කරුවෙකු සමඟ හවුල් ව්‍යාපාරයක් වශයෙන් නැගෙනහිර බහාළුම් පර්යන්තය මෙහෙයවීමටත් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් අභිප‍්‍රාය හා යෝජනා කැඳවීමටත්ය. ඉන්පසු මුදල් අමාත්‍යවරයා විසින් එම යෝජනාව අනුමත කොට තිබෙන අතර තීරණය සලකා බැලීම සඳහා සාකච්ඡා සම්මුති කමිටුවක් පිහිටුවන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා. ඒ මත පදනම් වී අමාත්‍ය මණ්ඩලය විසින් කැබිනට් පති‍්‍රකාව අනුමත කොට තිබෙනවා. ඒ වගේම වරාය අධිකාරිය වෙනුවෙන් වැඩකරන්නේ ආසියානු සංවර්ධන අරමුදල. 2016 ජුනි මාසයේ ගැණුම්කරුවන් සඳහා සකස් කරන ලද වාර්තාවේ තිබෙනවා 15%ටත් අඩු අයිතියක් තිබුණාම ඇති කියලා. ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 15%ක අයිතිය රජය සතුව තබාගෙන 85%ක් විකුණා දැමීම සඳහා කිසිදු කැබිනට් අනුමැතියකින් තොරව දැන්වීම් පළකොට ටෙන්ඩර් කැඳවා තිබෙනවා. මින් පැහැදිලි වන කරුණ තමයි, දියුණු කිරීමට හැකියාව තිබියදී කොළම වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමට සැලසුමක් කි‍්‍රයාත්මක වන බවය. මෙහි බරපතළ කාරණය වෙන්නේ විකුණා දැමීමේ ක‍්‍රමවේදය කැබිනට් පති‍්‍රකාවේ යෝජනාවට පරස්පර විරෝධී වීමයි. මෙම ගනුදෙනුවෙන් පස්සේ කොළඹ වරායට ඉතිරි වෙන්නේ මුහුදු වතුර ටික විතරයි.“ 

“මේ සම්බන්ධයෙන් අපි ඇමතිවරයාට විශේෂයෙන් අවධාරණය කරන්න ගියේ නැහැ. මොකද මෙම ගනුදෙනුව සිදුවෙන්නේ ඇමතිවරයාටත් ඉහළින්. නමුත් වරාය ඇමතිවරයා තමයි 51%ක් ආණ්ඩුව සතුව තබාගෙන විකුණන්න තීරණය කළේ. එම තීරණය නිසා තමයි ජනාධිපති, අගමැතිත්, මුදල් ඇමතිවරයාත් එකතු වෙලා සම්පූර්ණයෙන් විකුණන්න යන්නේ. ඒ නිසා තමයි අපි මේ පිළිබඳව රටට හෙළිදරව් කරන්නේ. ඊ.ටී.එෆ්. අරමුදල බේරාගන්න පුළුවන් වුණේ රටේ ජනතාව අරගල කරපු නිසයි. ඒ නිසා ජනතා විරෝධයක් ආවොත් වරාය විකුණන එකෙන් බේරගන්න පුළුවන්. “ යැයි බිමල් රත්නායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමේ සැලසුම හෙළිවෙයි  
වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමේ සැලසුම හෙළිවෙයි  
http://ift.tt/2bLkCvb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_811.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_811.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy