රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හා සුදර්ශන බණ්ඩාර මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂක රැකවල් මැද ...
රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හා සුදර්ශන බණ්ඩාර මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂක රැකවල් මැද ඊයේ(15) පස්වරු 4.45ට පමණ අධිකරණයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන එනු ලැබීය.
ඔවුන් දෙදෙනා බන්ධනාගාරයේ විශේෂ සිර මැදිරියක් වන ‘එම්‘ සිර මැදිරියේ රඳවා තබා ඇතැයි ආරංචි මාර්ග පවසයි.
එම සිර මැදිරිය මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සොහොයුරා වන යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම රඳවා තැබූ සිර මැදිරිය බව වාර්තාවේ.
මෙම සිර මැදිරියේ එම සැකකරුවන් දෙදෙනා හැර වෙනත් කිසිවෙකු රදවා නොමැති බවත් සැකකරුවන් දෙදෙනාගේ ආරක්ෂාවට ජේලර්වරයෙකු යොදවා ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර එම ප්‍රදේශය තහනම් කලාපයක් ලෙස නම් කර ඇති බවද වාර්තා වේ.
COMMENTS