ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරිම සදහා බිහි කරන නව සන්ධානයේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරිම සදහා බිහි කරන නව සන්ධානයේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
මෙම සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක්, පොදුජන පෙරමුණේ කොටසක් ඇතුලු තවත් දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින්ගෙන් සැදුම්ලත් දැවැන්ත සන්ධානයක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“මට ලැබුණු බලය ජනතා සේවාව වෙනුවෙන් කැප කරනවා. ජනතාවට අවශ්‍ය ජයග්‍රහණ ලබාදිය යුතුයි. දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය නිමා කිරීමට අපි නායකත්වය ලබාදුන්නා. ජන බලය, අධිකරණයේ ස්වාධීනත්වය පෙන්නුවා. ඊනියා රජයට පාඩමක් ඉගැන්නුවා. ආණ්ඩු හදන්න පමණක් නොවෙයි රජය පවත්වාගෙන යාමට ද මම කැප වෙනවා. ඉදිරි ජනාධිපතිවරණයට හොදම අපේක්ෂකයා ඉදිරිපත් කර අපි ජයග්‍රහණය කරනවා. පරදින්න වැඩ කරන්නේ නැහැ.”
ඉන් පසු කැඳවන මහ මැතිවරණයක් ජයග්‍රහණය කරමින් වසර 2025 වන තුරු රජය අඛණ්ඩව පවත්වාගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
COMMENTS