මහින්ද රාජපක්ෂ රෙජීමයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහන රාජපක්ෂ මහතා විසින් අයථා ලෙස උපයා ගනු ලැබූ මුදල්වලින් මිලදී ගනු ලැබූ සියළු ඉඩම් ...
මහින්ද රාජපක්ෂ රෙජීමයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහන රාජපක්ෂ මහතා විසින් අයථා ලෙස උපයා ගනු ලැබූ මුදල්වලින් මිලදී ගනු ලැබූ සියළු ඉඩම් වහාම රජයට පවරා ගැනීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ඒකමතිකව තීරණය කොට ඇති බව වාර්තා වේ.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා අද (09) දින පැවති කැබිනට් රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් යොමු කරමින් අතිරේක පොලිස් අභ්‍යාස විද්‍යාලයක් ඉදිකිරීම සඳහා කටානේ ඉඩමක් පවරා ගත යුතු බවට යෝජනා කොට ඇත. ඒ සමගම අමාත්‍යවරයා පවසා ඇත්තේ, කොළඹට නුදුරු,, මල්වානේ කැළණි ගං ඉවුරේ ඇති අක්කර 16 ක බැසිල් රාජපක්ෂ මහතාට අයත් ඉඩම මේ සදහා වඩා යෝග්‍ය බවයි. එම ඉඩම කටානේ ඉඩමට වඩා ඉක්මනින් පොලිස් අභ්‍යාස විද්‍යාලය ඉදිකිරීම සඳහා පවරා ගත හැකි බව දැනුම් දී තිබේ.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාගේ මෙම යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්පූර්ණ සහයෝගය පල කරමින් ‘මේවා රටේ මිනිස්සුන්ව හූර කාලා අරගත්ත ඉඩම්. වහාම ඒ ඉඩම පොලිස් අභ්‍යාස විද්‍යාලය සඳහා පවරා ගන්න' යනුවෙන් පවසා ඇත.
එම අවස්ථාවේදී මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ මාතර බ්‍රවුන්ස් හිල් හි බැසිල් රාජපක්ෂගේ නෑනාට හා මස්සිනාට අයත් ඉඩම රජයට පවරා ගෙන එහි හෝටල් පාසලක් ඉදිකළ යුතු බවයි.
ඊටද ජනාධිපතිවරයා ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ ‘කලු සල්ලි සුදු කරන්න මිලට ගත්ත ඉඩම් හැකි ඉක්මනින් රජයට පවරා ගත යුතු' බවයි.
ඒ අනුව මෙම ඉඩම් දෙකම පොදුජන යහපත වෙනුවෙන් ඉතා ඉක්මනින් පවරා ගැනීමට අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ.
COMMENTS