Loading... මෙරට ප‍්‍රධාන පෙළේ කිරිපිටි සමාගම් කිහිපයක් මේවන විට මෙරටට ගෙන්වා ඇති කිරිපිටි තොග කොළඹ වරායෙන් නිදහස් කරගැනීම තාවකාලිකව අ...
Loading...
මෙරට ප‍්‍රධාන පෙළේ කිරිපිටි සමාගම් කිහිපයක් මේවන විට මෙරටට ගෙන්වා ඇති කිරිපිටි තොග කොළඹ වරායෙන් නිදහස් කරගැනීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
කිරිපිටි මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජය සම`ග පැවති සාකච්ඡුා අසාර්ථක වීම මෙයට හේතු වී ඇත.
රජයේ බලධාරීන් පවතින ප‍්‍රශ්නය විස`දීමට මෙතෙක් පියවර නොගැනීම නිසා කිරිපිටි ආනයනය , නව තොග ඇණවුම් කිරීම සහ දැනට තිබෙන තොග නැවැත්වීම හැර ගත හැකි වෙනත් පියවරක් නැතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ අදහස වී ඇත.
කිරිපිටි අලෙවියෙන් දැනට මසකට සිදුවන පාඩුව රුපියල් මිලියන 30-40ක් පමණ වන බවත් කිරිපිටි මිල රුපියල් 100 කින් ඉහළ නැංවීමට රජය අවසර නොදුනහොත් ව්‍යාපාර නතර කිරීමට සිදුවන තත්ත්වයක් මතුව ඇති බවත් ඔවුහු පවසති.
දිගින් දිගටම රුපියල අවප‍්‍රමාණය වීම සහ රජය මගින් පනවා ඇති බදුමුදල් ඉහළ නැංවීම හේතුවෙන් මේ වන විට කිරිපිටි ආනයනය කිරීමේ පිරිවැය විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවද සමාගම් අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය සහ මහභාණ්ඩාගාරය අතර පැවති සාකච්ඡුා අසාර්ථක වීම කිරිපිටි සමාගම් මෙවන් තීරණයක් ගැනීමට හේතු වී ඇත. කෙසේ වෙතත් ආනයනය කරන ලද කිරිපිටි තොග වරායෙන් නිදහස් කර ගැනීම ප‍්‍රමාද කිරීමෙන් සමාගම්වලට අමතර වරාය ගාස්තු ගෙවීමට සිදුවන බවද වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.
-දිවයින පුවත්පත
COMMENTS