අද (02) ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සංයුක්ත ගණිතය පළමු වැනි ප්‍රශ්න පත්‍රය හේනේගම මධ්‍ය විද්‍යාලයයේ විභාග අපේක්ෂකයන...
අද (02) ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සංයුක්ත ගණිතය පළමු වැනි ප්‍රශ්න පත්‍රය හේනේගම මධ්‍ය විද්‍යාලයයේ විභාග අපේක්ෂකයන්ට ලබා දී ඇත්තේ පැයක් පමණ ප්‍රමාද වීමෙනි.
ප්‍රශ්න පත්‍රය ආරම්භ වීමට නියමිතව තිබුණේ පෙරවරු 8.30ට වුවද පෙරවරු 9.30 වන විටත් ප්‍රශ්න පත්‍ර ලබා දී නොතිබුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් කාර්යාලයෙන් විමසීමේ දී එහි කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේ එම විභාග මධ්‍යස්ථානයේ අපේක්ෂකයන්ට අසාධාරණයක් නොවන පරිදි නියමිත කාලය ලබා දෙන බවයි.
COMMENTS