උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සඳහා කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. යාප...
උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සඳහා කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
යාපනයේ අද(07) පැවති දෙමළ දේශපාලන කමිටු රැස්වීමට එක්වෙමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
තාක්ෂණික කරුණු හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය යම් තීරණයක් ලබාදී තිබුණ ද එම පළාත්වල ජීවත්වන සුළු ජාතීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් උතුරු නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කළ යුතු බව උතුරු මහ ඇමතිවරයා පෙන්වා දෙයි.
එසේ නොකළහොත් සුළු ජන කොටස් සහ බහුතර ජන කොටස් අතර සාමූහිකතාවයට බලපෑම් එල්ල විය හැකි අතර දීර්ඝ කාලීනව සුළුතර ජන කොටස්වලට සිය අනන්‍යතාව අහිමිවීමේ ඉඩකඩක් ද පවතින බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කරයි.
බහුතර ජන කොටස්වල අවශ්‍යතාවය එය වී ඇති ආකාරයක් පෙන්නුම් කෙරුණ ද එවැනි තත්ත්වයක් කිසිසේත් අනුමත කළ නොහැකි බව විග්නේෂ්වරන් මහතා පැවසී ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ජනතාව සහ සිංහල ජනතාව අතර පවතින දේශපාලන ගැටළු විසඳීම සඳහා නිසි විසඳුමක් ලබාදිය යුතු බවයි.
COMMENTS