ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ දී සිදුව ඇති බව කියන අක්‍රමිකතාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග ව...

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ දී සිදුව ඇති බව කියන අක්‍රමිකතාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ විදේශ ගමන් බලපත්‍ර දෙක භාවිත කිරීම අත්හිටුවීමේ නියෝගය ඉවත් කරන ලෙස කළ ඉල්ලීම සහ ඔහුට එරෙහි වරෙන්තුව ආපසු කැදවීමට කළ ඉල්ලීම් දෙකක් අධිකරණය අද ප්‍රතික්ෂේප කර සිටියා.
නියෝගය නිකුත් කළ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විමර්ශන වල ප්‍රගතිය නොවැම්බර් දෙවනදා අධිකරණයට වාර්තා කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම් දෙනු ලැබුවා.
2006 වසරේ දී මිග් විසිහත ප්‍රහාරක යානා 4ක් මිලදී ගැනීමේ දී සහ ගුවන් හමුදාව සතුව තිබූ මිග් 27 යානා 3ක් හා මිග් 23 යානාවක් අලුත්වැඩියා කිරීම සදහා යුක්රේනයේ එම යානා නිපදවන සමාගම සමග කළ ගනුදෙනුවේ දී මෙම වංචාව සිදුව ඇති බවටයි උදයංග වීරතුංගට චෝදනා එල්ල වී ඇත්තේ.
උදයංගට අයත් බැංකු ගිණුම්වලට පැනමාවෙන් සහ ලැට්වියාවෙන් මුදල් ලැබී ඇති බවත් එය ඇමෙරිකා ඩොලර් මිලියන එකයි දශම පහක් පමණ වන බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට වාර්තා කර තිබේ.
COMMENTS