සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට පිවිසෙන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ම...
සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට පිවිසෙන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසයි.
ඊයේ (04) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
ප්‍රසිද්ධ මාධ්‍යයකදී පක්ෂ නායකත්වය විවේචනය කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි වූ බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කළේය.
COMMENTS