මේ වසර තුළදී ජල ගාස්තු ඉහල දැමීමේ සූදානමක් පවතින බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ආරංචි මාර්ග පවසයි. මේ වන විටත් ඒ පිළිබඳ මුදල් අමාත...
මේ වසර තුළදී ජල ගාස්තු ඉහල දැමීමේ සූදානමක් පවතින බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ආරංචි මාර්ග පවසයි.
මේ වන විටත් ඒ පිළිබඳ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඇතැයිද වාර්තාවේ.
සෑම වසර තුනකටම වරක් ජල ගාස්තු ඉහල නැංවීම මණ්ඩලීය ප්‍රතිපත්තීන් 2015දී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද එම වසරේ පැවති මහ මැතිවරණය හේතුවෙන් එය කල් දමා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මණ්ඩලයේ පිරිවැය ඉහල යාම සැලකිල්ලට ගෙන ගාස්තු ඉහල නැංවීමක් අවශ්‍ය බවට මණ්ඩලය පෙන්වා දෙයි.
ජල බිල්පත් ඉහල දැමීමේ යෝජනාව දැනට සාකච්ඡා මට්ටමින් පවතින බවත් ජල බිල්පත් වැඩිවීමක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යධිකාරී ජී. කුමාරරත්න මහතා සඳහන් කරයි.
COMMENTS