දිවි නැගුම වංචාව සම්බන්ධයෙන් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාට රුපිය...
දිවි නැගුම වංචාව සම්බන්ධයෙන් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාට රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද(08) නියෝග කළේය.
මේ අතර බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා ගොනු කර තිබූ ප්‍රතිශෝධන අයදුම්පත විභාගයට ගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු එම්.සී.ඩී.එස්.මොරායස් මහතා අද ඇප නියම කළේය.
පසුගිය ජනපතිවරණ සමයේ රජයේ මුදල් වැය කර රුපියල් තුන් කෝටි හැටතුන් ලක්ෂයක ජීඅයි පයිප්ප ඡන්ද වැඩට යොදා ගැනීම හා ඉන්පසු පළාත් පාලන ආයතනවලට බෙදා දුන්නැයි සැකපිට බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක රිමාන්ඩ් කර සිටියේය.
මෙවැනිම නඩු කිහිපයකට මහාධිකරණය බැසිල් රාජපක්ෂ මහතාට ඇප ලබාදී තිබීම සහ විමර්ශනය කළයුතු වැදගත් අදියරයන් මේ වනවිට අවසන්වී තිබීම යන හේතු මත එම නියෝගය ලබාදුන් බව විනිසුරුවරයා පැවසීය.
COMMENTS