දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“ඖෂධ හිඟයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වගකිව යුතුයි" - රාජිත
Homeප්‍රවෘත්ති

“ඖෂධ හිඟයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වගකිව යුතුයි" - රාජිත

PropellerAds

දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් මතු වූ ඖෂධ හිඟයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වගකිව යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය...

ශ්‍රී ලංකාවට සපයන එක්සත් ජනපද හමුදා ආධාර වැඩි කරයි.
'බදු ගෙවීමේදී කලාකරුවන්ට විශේෂයක් නැහැ'
සොහොන් බිම එපා යැයි විරෝධතා දැක්වූවන් හමුවට විග්නේෂ්වරන් යයි!
“ඖෂධ හිඟයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වගකිව යුතුයි

දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් මතු වූ ඖෂධ හිඟයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වගකිව යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

චීන සහන ණය ආධාර යටතේ දිවයිනේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ පොතුවිල් මූලික රෝහලේ ඉදි කෙරෙන මහල් 03 කින් යුත් වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීමේ උත්සවයට ඊයේ (10) පස්වරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්විය.

“සෞඛ්‍ය සේවාවන් දීප ව්‍යාප්ත කර තිබෙනවා. නවීන උපකරණ රෝහල්වලට ලබා දෙනවා. මෙමගින් අපි බලාපොරොත්තු වන්නේ කොළඹ තිබෙන ප්‍රධාන රෝහල් වලට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව අඩු කිරීමටයි. සාමාන්‍ය ජනතාවගේ මුදල් පසුම්බියෙන් මුදල් වියදම් නොකර ඉතිරිකර ගැනීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ජනතා හිතසුව පිණිස මම දියත් කරනවා. දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් ඖෂධ හිඟයක් රෝහල්වල මතු වුනා. එම දිනවල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපදෙස් මත තමයි අමාත්‍යාංශයේ වැඩකටයුතු සිදු වුනේ. එම දිනවල හිටපු අමාත්‍යවරයා ද වටකරගෙන සිටියේ එම සංගමයේ නිලධාරීන්. අන්තිමට ඇමැතිවරයාටත් මෙම සංගමය එපා වුනා. වසර 03 කට අධික කාලයක් හිඟයකින් තොරව ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙල විනාශ කෙරුනා. අමාත්‍යාංශයේ අරක්ගෙන සිටි වෛද්‍ය සංගමයේ නිලධාරීන්ටවත් ඖෂධ හිඟයක් ඇතිවන බව පෙනුනේ නැහැ. මම රෝගී ජනතාවට මෙවැනි අපරාධයක් කළේ නැහැ."

"ඖෂධ හිඟයක් ඇති කළ අපරාධයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වගකිව යුතුයි. මම සෞඛ්‍ය අමාත්‍යධූරයට යළි පත් වූ පසු ඖෂධ හිඟයට අවශ්‍ය විසදුම් ලබාදුන්නා. පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ගුවන් මගින් කොළඹට ගෙනවිත් බෙදාහැරියා. මෙම ඖෂධ හිඟය මාර්තු මස අවසන් වන විට නිරාකරණය වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. රෝහල් සංවර්ධනය කිරීම සදහා විදේශීය ආයෝජකයින් රැසක් ඉදිරිපත්ව සිටිනවා. ඔවුන්ගෙන් කොමිස් මුදල් ලබානොගෙන අවශ්‍ය පහසුකම් ලබාදෙනවා. යුද්ධයෙන් පීඩාවට පත් වූ උතුරු නැගෙනහිර රෝහල් සංවර්ධනය කිරීමට මම පියවර ගෙන තිබෙනවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29335,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “ඖෂධ හිඟයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වගකිව යුතුයි" - රාජිත
“ඖෂධ හිඟයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වගකිව යුතුයි" - රාජිත
http://am.lk/media/k2/items/cache/a39af2934ebe12ff6e285d189c0022a2_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_326.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_326.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy