මෙරට ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් පැහැරගෙනයාම්, අතුරුදන්වීම් පිළිබඳව ඇති කටුක ඉතිහාසය පිටු දකිමින් ඉදිරියට යායුතු නම් අතීතයේ සිද...
මෙරට ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් පැහැරගෙනයාම්, අතුරුදන්වීම් පිළිබඳව ඇති කටුක ඉතිහාසය පිටු දකිමින් ඉදිරියට යායුතු නම් අතීතයේ සිදුවූ දේ පිළිබඳව සොයා බැලිය යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සහ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) රුපියල් මිලියන 200කින් වියදමින් ඉදි කරනු ලැබු අක්මිමන හරිතගම මොරගල ජලයෝජනා ක්‍රමය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා," අතුරුදහන්වුවන්ගේ කාර්යාලය පිහිටුවිම සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේ වුනු ගාලගොට්ටිය කවුරුත් දන්නවා. ඒ දෙමව්පියන්ගේ සිත්තුල තියෙන ඒ වේදනාව පිළිබද අපට වගකිමක් තියෙනවා. ඒ දෙමව්පියන්ට හා ඥාතින්ට වෙච්ච දේ පිළිබද ඇත්ත සොයා ගැනිමේ අයිතිය තහවුරු කරදිමට. දැන් දේශප්‍රේමිත්වය කියන බෝඩ් ලැල්ල අතට අරගෙන රට පාවාදෙනවා කියා සටන් පාඨ කියමින් කරන දේවල් වලින් අපි කවුරුත් ප්‍රවේශම් වෙන්න ඕන. ආණ්ඩුවක් වට්ටන්න මේ සටන් පාඨ උස්සාගෙන ගියවිට පුළුවන් කියලා හිතනවා. ඉංග්‍රිසි කවියෙක් කියලා තියෙනවා. දේශ ප්‍රේමීත්වය කියන්නේ තක්කඩියන්ගේ අන්තිම සරණයි කියලා. වෙන මුකුත් නැති වු විට එක තමයි උස්සා ගන්නේ. අපේ ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් කවදාවත් මේ රට පවා දෙන නායකයින් නෙවෙයි. පැහැදිලි දැක්මක් හා දර්ශනයක් ඇතිව රටේ පාලනය ගෙනියනවා.
මේ සම්මුතිවාදි ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකම එකතුවෙලා. සෙසු පක්ෂත් පිරිවරාගෙන ගෙනියන මේ ආණ්ඩුව පිළිබද නොයෙකුත් විවෙචන තියෙනවා. සමහරුන්ට ඕන තමන්ගෙම ආණ්ඩුවක් හදා ගන්න. එකට කිසි ප්‍රශ්නයක් නැහැ. පසුගිය ජනාධිපතිවරණයේ දි යහපාලනය වෙනුවෙන් අපි පොරොන්දු කිහිපයක් ලබා දුන්නා. ඒ කටයුතු ක්‍රමානුකුලව ඉටු කරමින් යද්දි එවාට බාධා පමුණුවනවා. පාර්ලිමේන්තුවේ කලබල කරමින් එවා අඩාල කිරිමට මොන පියවර ගනු ලැබුවද ආණ්ඩුවේ කටයුතු සාර්ථකව කරගෙන යනවා.
තොරතුරු දැන ගැනිමේ පනත සම්මත කළා. එක යහපාලනයට විතරක් නෙවෙයි. රටේ වන දුෂණය පිළිබද සොයා බැලිම, මාධ්‍ය නිදහස තහවුරු කරගැනිම, අාදියට ගෙනාපු ශක්තිමත් පනතක්. එය පුරවැසියන් ශක්තිමත් කරන පනතක්. ඒ පනත තුලින් දේශපානඥයින් වන අපට අපේ හැසිරිම් පවා වෙනස් කරගන්න සිදුවෙනවා. අපට වුවමනා පරිදි කටයුතු කරන්න බැහැ. ඇත්ත යහපාලනය දුෂණයෙන් තොර පාලනයක් ඇති කිරිමට අප කටයුතු කරලා තියෙනවා.
යුද්ධය දිනාගත්තට පසු අපටම අපි හානියක් ඇති කරගත්තා. සංහිදියාව ඇති කරගැනිමට තිබු අවකාශය නැති කරගත්තා. ජාත්‍යන්තර ප්‍රජාව වුවමනාවෙන් තරහ කරගත්තා. හාරදහසකට වඩා ප්‍රජාමුල සංවිධාන අද රටපුරා විහිදි තියෙනවා. ප්‍රජාමුල සංවිධානවල වැඩ අඩපණවු විට එම ව්‍යාපෘතියේ වැඩ අපට භාරගන්න කියලා නිතරම බල කරනවා. විජේපාල මන්ත්‍රිතුමා දක්ෂ මන්ත්‍රිවරයෙක්. අමාත්‍යංශ හරහා තම බල ප්‍රදේශයට ගන්න පුළුවන් හැමදෙයක්ම ලබා ගන්න එතුමා දරණ උත්සාහය මම පාර්ලිමේන්තුවේදි දකිනවා. එතුමා දිවංගත හිටපු අමාත්‍ය ආචර්ය රිචඩ් පතිරණ ඇමතිතුමාගේ ලේකම් හැටියට වැඩකරද්දිත් මේ විදියට තමයි කටයුතු කළේ. හෙට්ටිආරච්චි මන්ත්‍රිතුමා එදා රිචඩ් පතිරණ ඇමතිතුමාගෙන් ලබා ගත් පන්නරය අද එජාපය හරහා දක්ෂ විදියට මෙහෙයවනවා. රිචඩ් පතිරණ දක්ෂ නායකයෙක්. එතුමාගේ දෝංකාර කඩහඩ අදත් මට පාර්ලිමේන්තුවේ දි ඇහෙනවා වගේ" යැයි කියාසිටියේය.
මෙම අවස්ථාවට අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ගාල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි, යන මහත්වරුන් සහ බෝපේ පොද්දල ප්‍රදේශිය ලේකම් ලලින්ද ගමගේ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් එක්ව සිටියහ.
ගාල්ල - ලලිත් චාමින්ද
COMMENTS