දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බිරියගේ මළ සිරුරු ගෙදර ගෙනියන්න ඇම්බියුලන්ස් නැතිවූ ඉන්දියානුවා කළ දෙය
Homeගොසිප්

බිරියගේ මළ සිරුරු ගෙදර ගෙනියන්න ඇම්බියුලන්ස් නැතිවූ ඉන්දියානුවා කළ දෙය

PropellerAds

රෝහලේදී මියගිය තම බිරිඳගේ මළ සිරුර නිවසට ගෙන යාම සඳහා වාහනයක් සපයා ගැනීමට වත්කමක් නොතිබුණු සැමියෙකු විසින් එම මළ සිරුර උරහිස මත තබාගෙන ...

ලබන මාසයේදී බේරේවැව වටේ යන්න අවස්ථාව.
රාජපක්ෂලා ආරක්ෂා කරන්නේ අගමැති බව සරත් කියයි [Video]
විමල්ගේ පක්ෂය තවත් නායයයි : ප්‍රේමලාල් ෆොන්සේකාත් මෛත්‍රීට.


රෝහලේදී මියගිය තම බිරිඳගේ මළ සිරුර නිවසට ගෙන යාම සඳහා වාහනයක් සපයා ගැනීමට වත්කමක් නොතිබුණු සැමියෙකු විසින් එම මළ සිරුර උරහිස මත තබාගෙන නිවස වෙත ගමන් කළ පුවතක් නැගෙනහිර ඉන්දියාවේ ඔරිස්සා ප‍්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා.

කලාහන්දි රජයේ දිස්ති‍්‍රක් රෝහලේදී ඊයේ අළුයම දනා මාජිගේ බිරිඳ අමාන්ගේ ජීවිතක්ෂයට පත් වී තිබුණි.
42 හැවිරිදි අමාන්ගේ මිය ගොස් තිබුණේ ක්ෂය රෝගය වැළඳීමෙනි.
මිය ගිය බිරිඳගේ සිරුර රෝහලේ සිට කිලෝ මීටර් 60ක් පමණ දුරින් පිහිටි සිය නිවසට රැගෙන යාම සඳහා ගිලන් රථයක් දනා මාජි විසින් රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලූම් කර තිබුණි.
නමුත් රෝහල් බලධාරීන් විසින් ඔහුගේ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වා නොමැත.

ඉතා දුප්පත් පුද්ගලයෙකු වුණු දනා මාජිට බිරිඳගේ මළ සිරුර ගමට ගෙන යාම සඳහා කුලී පදනම මත වාහනයක් ලබා ගැනීමට මුදල් නොතිබුණි.
පසුව දනා මාජි විසින් බිරිඳගේ මළ සිරුර රෙදිවලින් ඔතා උරහිස මතින් ගෙන රෝහලේ සිට නිවස බලා පා ගමනින් ගමන් කර ඇත.
ඔහු සමඟ ඔහුගේ 12 හැවිරිදි දියණියද ගමන් කර තිබේ.
මෙම පුවත ඔරිස්සාවේ රූපවාහිනී නාලිකාවක් මඟින් ප‍්‍රචාරය කිරීමෙන් පසුව ප‍්‍රාන්ත සෞඛ්‍ය සේවාව ඉදිරිපත් වී දනා මාජිට බිරිඳගේ මළ සිරුර ඔහුගේ නිවසට ගෙන යාම සඳහා අවශ්‍ය ගිලන් රථ පහසුකම් හා අවමංගල්‍යධාර සපයා ඇත.
ඒ වන විට දනා මාජි බිරිඳගේ මළ සිරුර ඔසවාගෙන පා ගමනින් කිලෝමීටර් 12ක් පමණ ගමන් කර තිබුණි.
පසුගිය පෙබරවාරි මාසයේදී ඔරිස්සා ප‍්‍රාන්ත රජය විසින් රෝහල්වල සිට මළ සිරුරු නොමිලේ ප‍්‍රවාහනය කිරීම සඳහා ගිලන් රථ සේවාවක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය ගිලන් රථ 37ක් රෝහල්වලට ලබා දී තිබියදී මෙවැනි තත්ත්වයක් උදා වීම ගැන ප‍්‍රාන්ත සෞඛ්‍ය ඇමතිවරයා විසින් ප‍්‍රාදේශීය බලධාරීන්ගෙන් කරුණු විමසා තිබේ.
නැගෙනහිර ඉන්දියාවේ පිහිටි ඔරිස්සා ප‍්‍රාන්තය එරට අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන ප‍්‍රාන්තවලින් එකකි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බිරියගේ මළ සිරුරු ගෙදර ගෙනියන්න ඇම්බියුලන්ස් නැතිවූ ඉන්දියානුවා කළ දෙය
බිරියගේ මළ සිරුරු ගෙදර ගෙනියන්න ඇම්බියුලන්ස් නැතිවූ ඉන්දියානුවා කළ දෙය
http://ift.tt/2bkPhx0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_380.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_380.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy