පසුගියදා පින්නවල අලි අනාථාගාරය ආසන්නයේ ඉඩමක වළදමා තිබූ ඇතින්නකගේ අස්ථි කැබලි බැකෝවකින් ගොඩගැනීමට සම්බන්ධ වී ඇත්තේ හිටපු ජනාධිපතිවරයා මෙන්ම...
පසුගියදා පින්නවල අලි අනාථාගාරය ආසන්නයේ ඉඩමක වළදමා තිබූ ඇතින්නකගේ අස්ථි කැබලි බැකෝවකින් ගොඩගැනීමට සම්බන්ධ වී ඇත්තේ හිටපු ජනාධිපතිවරයා මෙන්ම සබරගමුවේ මහ ඇමතිවරයා හොඳින් දන්නා හඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් බව එජාප මන්ත්‍රී සංදීප් සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.
මෙයට වසර 03කට පෙර මියගොස් වළදමා තිබූ ඇතින්නකගේ සිරුරක් පෙරේදා (14) රාත්‍රීයේ කිසියම් පිරිසක් විසින් ගොඩගැනීමට උත්සාහ දරා ඇති සිද්ධියක් පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.
අද (16) සිරිකොත පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියාසිටියේ එම අස්ථි කැබලි රුපියල් ලක්ෂ 15ක මුදලකට මොවුන් අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බවත් මේ දෙදෙනා හිටපු ජනපතිටත් වත්මන් සබරගමුව මහ ඇමතිටත් වැඩ කළ අය බවත් මේ පිළිබඳ තොරතුරු පොලීසියත් වනජිවියත් අනාවරණය කරගෙන ඇති බවත් ය.
COMMENTS